එලීෂා පණිවුඩකරුවකු ඔහු වෙත යවමින්, “යන්න, යොර්දාන් නදියේ හත් වරක් සේදෙන්න. ඔබේ මාංසය ප්‍රකෘතිමත් වී, ඔබ පවිත්‍ර වනු ඇතැ” යි කියා යැවී ය. එහෙත් නාමාන් කෝපයෙන් හැරී යමින්, “ඇත්තෙන් ම මා සිතුවේ, ඔහු ඇවිත් මා ළඟ සිටගෙන, ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය කියා, කුෂ්ඨයට උඩින් අත වනා, මගේ කුෂ්ඨය සුව කරනු ඇත කියායි. දමස්කයේ අබානා හා පර්පර් යන ගංගා ඉශ්‍රායෙලයේ සියලු ගං ජලයට වඩා කොපමණ හොඳ ද? මට ඒවායේ සේදී පවිත්‍ර වන්නට බැරි දැ?” යි පැවසී ය. එබැවින් ඔහු කෝපයෙන් ආපසු හැරී ගියේ ය. එවිට නාමාන්ගේ සේවකයෝ ඔහු වෙත අවුත්, “මගේ පියාණෙනි, ඒ දිවැසිවරයා ලොකු දෙයක් කරන්නැයි කීවා නම්, ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කීවේ, ‘සේදී පවිත්‍ර වන්න’ කියා නො වේ දැ?” යි පැවසූහ. එබැවින් ඔහු ගොස්, යොර්දාන් නදියෙහි හත් වරක් ගිලුණේ ය. එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහුට කී පරිදි, ඔහුගේ මාංසය ප්‍රකෘතිමත් වී, කුඩා දරුවකුගේ මෙන් පැහැපත් විය.
2 රාජාවලිය 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 5:10-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ