2 රාජාවලිය 4:8-10
2 රාජාවලිය 4:8-10 SCV
එලීෂා ෂූනෙම් වෙත ගිය දිනෙක, එහි සිටි ධනවත් කාන්තාවක් කෑම වේලක් කන්නට ඔහුට පෙරැත්ත කළා ය. එබැවින් ඔහු එහි පැමිණි හැම විටෙක ම කෑම කන්නට එහි නැවතුණේ ය. ඈ තම සැමියා අමතමින්, “මා දන්නවා නිතර අප ළඟින් යන එන මේ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ශුද්ධ මනුෂ්‍යයකු වග; පියස්ස මත ඔහුට කුඩා කාමරයක් සාදා, ඇඳක් හා මේසයක් ද පුටුවක් හා පහන් රුකක් ද එහි තබමු. එවිට ඔහු අප වෙත ආ හැම විටෙක එහි නවාතැන් ගත හැකි යැ” යි කීවා ය.

