එලීෂා නිවස වෙත ළඟා වූ කල, ඔහුගේ යහන පිට මියැදුණු ළමයා හොවා තිබුණේ ය. ඔහු ඇතුළට ගොස්, ඔවුන් දෙදෙනා පමණක් සිටියදී දොර වසා, ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ඉන්පසු ඔහු යහනට ගොඩ වී, මුඛය පිට මුඛය ද ඇස් පිට ඇස් ද අත් පිට අත් ද යන වශයෙන් ළමයා පිට දිගා වුණේ ය. ඔහු ළමයා පිට දිගා වූ කල, ඔහුගේ සිරුර උණුසුම් වන්නට විය. පසුව ඔහු ඉවත් වී, කාමරයේ එහා මෙහා ඇවිද්දේ ය. ඉන්පසු ඔහු යහනට ගොඩ වී, තවත් වරක් ළමයා පිට දිගා වුණේ ය. ළමයා හත් වරක් කිවිස, තම ඇස් ඇරියේ ය. එලීෂා, ගෙහාසී කැඳවා, “ෂූනම්මීය කාන්තාවට හඬ ගසන්නැ” යි කී ය. ඔහු එසේ කළේ ය. ඇය පැමිණි කල, “ඔබේ පුත්‍රයා රැගෙන යන්නැ” යි ඔහු පැවසී ය. ඈ ඇතුළට අවුත්, ඔහුගේ පාමුල වැටී, ඉන්පසු තම පුතු රැගෙන පිට ව ගියා ය.
2 රාජාවලිය 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 4:32-37
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ