2 රාජාවලිය 4:2-7

2 රාජාවලිය 4:2-7 SCV

එලීෂා ඇයට පිළිතුරු දෙමින්, “මා ඔබට කළ යුත්තේ කුමක් ද? කියන්න මට මොනවද ඔබේ ගෙදර තියෙන්නේ?” යි ඇසී ය. “ඔබේ දාසිය ළඟ ගෙදර කිසිවක් ම නැහැ; ඇත්තේ තෙල් කුළාවක් පමණකැ” යි ඈ පැවසුවා ය. එවිට ඔහු, “යන්න, අහළ පහළ ඔබේ අසල්වාසී සියල්ලන්ගෙන් හිස් භාජන ඉල්ලා ගන්න. භාජන ස්වල්පයක් නො වෙයි. ඉන්පසු ඔබ හා ඔබේ පුතුන් ගෙතුළට ගොස්, දොර වසාගෙන, සියලු භාජනවලට තෙල් පුරවන්න. එක් එක් භාජනය පිරුණු විට, එය පසෙක තබන්නැ” යි කීවේ ය. ඔහු වෙතින් පිටත් ව ගිය ඈ හා ඇගේ පුත්තු දොර වසා ගත්හ. ඔවුන් ඇය වෙත භාජන ගෙනා කල, ඈ ඒවාට වත් කළා ය. භාජන සියල්ල ම පිරුණු පසු, “තවත් භාජනයක් ගෙනෙන්නැ” යි ඈ තම පුතුට කීවා ය. “එක භාජනයක්වත් ඉතිරි ව නැතැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට තෙල් ගලා ඒම නැවතිණි. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ගිය ඈ ඒ වග දැන්නුවා ය. එවිට ඔහු, “යන්න, තෙල් විකුණා ඔබේ ණයතුරුස් ගෙවන්න. ඉතිරි මුදලෙන් ඔබටත්, ඔබේ පුතුන්ටත් ජීවත් විය හැකි යැ” යි පැවසී ය.

මෙයට අදාළ වීඩියෝ

2 රාජාවලිය 4:2-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය