2 රාජාවලිය 3:9-12

2 රාජාවලිය 3:9-12 SCV

එබැවින් යූදා රජු හා ඒදොම් රජු කැටුව ඉශ්‍රායෙල් රජු පිටත් ව ගියේ ය. හත් දවසක් වටේට ගමන් කළ පසු, හමුදාවට හා ඔවුන් සමඟ වූ සතුන්ට වතුර නැති විය. එවිට ඉශ්‍රායෙල් රජු, “මොනවා! මෝවබ් අතට හසුකර දෙන පිණිස ස්වාමින්වහන්සේ අප රජවරුන් තිදෙනා කැඳවා ඇතැ” යි කීවේ ය. එහෙත් යෙහෝෂාෆාට් කතා කොට, “දිවැසිවරයකු මගින් අප ස්වාමින්වහන්සේගෙන් විමසන පිණිස, ස්වාමින්වහන්සේගේ දිවැසිවරයකු මෙහි නැද්ද?” යි ඇසී ය. ඉශ්‍රායෙල් රජුගේ නිලධාරියෙක් පිළිතුරු දෙමින්, “ෂාෆාට්ගේ පුත් එලීෂා මෙහි සිටී. ඔහු එලියාගේ අත්වලට වතුර වත් කළ තැනැත්තා යැ” යි පැවසී ය. එවිට යෙහෝෂාෆාට්, “ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත තිබේ යැ” යි කී ය. එබැවින් ඉශ්‍රායෙල් රජු, යෙහෝෂාෆාට් හා ඒදොම් රජු ඔහු වෙත ගියහ.