එකල බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්ගේ නිලධාරීහු යෙරුසලමට එරෙහිව අවුත්, එය වැටලූහ. ඔහුගේ නිලධාරීන් එපුර වටලා සිටියදී බබිලෝනි රජු, නෙබුකද්නෙසර් එහි පැමිණියේ ය. යූදා රජු වූ යෙහෝයාකීන්, ඔහුගේ මව, ඔහුගේ සේවකයින්, ඔහුගේ වංශවතුන් හා ඔහුගේ නිලධාරීන් යන සියල්ලෝ ඔහුට යටත් වූහ. බබිලෝනි රජු තම පාලනයේ අට වන අවුරුද්දේ යෙහෝයාකීන් සිර භාරයට ගත්තේ ය. ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර තිබූ පරිදි නෙබුකද්නෙසර්, ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් හා රජ මැදුරෙන් සියලු අනර්ඝ දේ ඉවතට ගත්තේ ය. ඉශ්‍රායෙල් රජු වූ සාලමොන් විසින් ස්වාමින්වහන්සේගේ මාලිගය උදෙසා තනා තිබූ සියලු රන් භාණ්ඩ ඔහු කෑලිවලට කැපී ය. ඔහු සියලු නිලධාරීන් හා සටන්කරුවන්, ශිල්පීන් හා ලෝකරුවන් යන මුළු යෙරුසලම ම, එනම් දස දහස් දෙනකු පිටුවහල් කොට ගෙන ගියේ ය. ඉතිරි ව සිටියේ දේශයේ ඉතා දිළිඳු ජනයා පමණකි. නෙබුකද්නෙසර්, යෙහෝයාකීන් බබිලෝනිය වෙත පිටුවහල් කොට ගෙන ගියේ ය. තවද ඔහු රජුගේ මව ද ඔහුගේ භාර්යාවන් ද ඔහුගේ නිලධාරීන් හා දේශයේ නායකයින් ද යෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය. බබිලෝනියේ රජු යුද්ධයට දක්ෂ හත්දහසක මුළු හමුදා බළඇණිය ද ශිල්පීන් හා ලෝකරුවන් දහසක් ද බබිලෝනිය වෙත පිටුවහල් කොට ගෙන ගියේ ය. ඔහු යෙහෝයාකීන්ගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත් කර, ඔහුගේ නම සෙදෙකියා යනුවෙන් වෙනස් කළේ ය.
2 රාජාවලිය 24 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 24:10-17
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ