2 රාජාවලිය 2:19-22
2 රාජාවලිය 2:19-22 SCV
එපුර වාසීහු එලීෂා වෙත අවුත්, “බලන්න, අප ස්වාමිනි, ඔබට පෙනෙන හැටියට මේ නගරය පිහිටා තියෙන්නේ හොඳ තැනක. එහෙත් මෙහි වතුර හරි නැහැ; දේශය ද නිසරු යැ” යි පැවසූහ. එවිට ඔහු, “මට අලුත් භාජනයක් ගෙනෙන්න. ඒ තුළට ලුණු දමන්නැ” යි කී ය. එවිට ඔවුහු එය ඔහු වෙත ගෙන ආහ. ඉන්පසු දිය උල්පත වෙත ගිය ඔහු, ලුණු එහි හෙළා, “ ‘ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක්; මම මේ ජලය සුව කළෙමි. යළි එය මරණය ගෙනෙන්නේවත්, දේශය නිසරු කරන්නේවත් නැතැ’ යි” කීවේ ය. එලීෂා පැවසූ වචනයට අනුව එම ජලය අද දක්වා ම පිරිසිදු ය.

