හෙසකියා රජුගේ දහහතර වන වසරේ, අසිරියාවේ රජු වූ සෙනකෙරීබ් යූදාහි සියලු බළකොටු පුරවරවලට එරෙහිව අවුත්, ඒවා අල්ලා ගත්තේ ය. එවිට යූදා රජු වූ හෙසකියා, ලාකීෂ්හි සිටි අසිරියාවේ රජු වෙත පණිවුඩ යවමින්, “මා වරදක් කර ඇත; මා වෙතින් ඉවත් ව යන්න. ඔබ මගෙන් අය කරන කවරක් වුවත් මම ඔබට දෙන්නෙමි” යි කීවේ ය. අසිරියාවේ රජු යූදා රජු වූ හෙසකියාගෙන් රිදී තලෙන්ත තුන් සියයකුත්, රන් තලෙන්ත තිහකුත් අය කළේ ය. එබැවින් හෙසකියා ස්වාමින්වහන්සේගේ ගෘහයේ හා රජ මැදුරේ භාණ්ඩාගාරවල හමු වූ රිදී සියල්ල ම ඔහුට දුන්නේ ය. යූදා රජු වූ හෙසකියා ස්වාමින්වහන්සේගේ මාලිගයේ උළුවහු කණු හා දොරවල් රනින් වසා තිබුණේ ය. ඒ කාලයේදී ඔහු එම රන් ගලවා ඉවත් කර, අසිරියාවේ රජුට දුන්නේ ය. අසිරියාවේ රජු තම සේනාධිනායකයා ද තම ප්‍රධාන නිලධාරියා ද තම ක්ෂේත්‍ර අණ දෙන්නා ද මහත් සේනාවක් සමඟ ලාකීෂ් සිට යෙරුසලමේ හෙසකියා රජු වෙත යැවී ය. ඔවුහු යෙරුසලම දක්වා අවුත්, අපුල්ලන්නන්ගේ පිටියට යන මාවතේ ඉහළ පොකුණේ දිය අගල අසල සිටගත්හ. ඔවුහු රජු කැඳවා යැවූ විට හිල්කීයාගේ පුත් රජ මැදුරු පාලක එලියාකීම් ද ලේකම්වරයා වූ ෂෙබ්නා ද ආසාෆ්ගේ පුත් වාර්තාකාර යෝවා ද ඔවුන් වෙත පිටතට ගියහ. ක්ෂේත්‍ර අණ දෙන්නා ඔවුන්ට මෙසේ පැවසී ය. “හෙසකියාට මෙසේ කියනු: “ ‘මහ රජතුමා වන අසිරියාවේ රජු මෙසේ කියයි: ඔබ ඔබේ මෙම විශ්වාසය තබා ඇත්තේ කවර පදනමක් මත ද? යුද්ධ උපාය මාර්ග හා හමුදා ශක්තිය ඔබට ඇතැයි ඔබ කියයි. එහෙත් ඔබේ කතාව හිස් වචන පමණි. මට එරෙහිව නුඹ කැරලි ගසන්නේ කවුරු ගැන බලාපොරොත්තුවකින් ද? ඔන්න! ඔබ විශ්වාසය තබා ඇත්තේ පතුරු ගිය බට දඬු සැරයටියක් බඳු ඊජිප්තුව කෙරේ නො වේ ද? ඊට බර වන අයගේ අතේ පතුරු ඇනී, එයින් ඔහුගේ අත තුවාල වෙයි. තමන් කෙරේ විශ්වාසය තබන සියල්ලනට ඊජිප්තුවේ රජු වූ පාරාවෝ එලෙස ය. “අප විශ්වාසය තබන්නේ අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරේ යැ” යි ඔබ මට කියත හැකි ය. එසේ නම් යූදා හා යෙරුසලම් වාසීන් අමතමින්, “යෙරුසලමේ මේ පූජාසනය ඉදිරියේ නුඹලා නමස්කාර කළ යුතු ය” කියමින් හෙසකියා පහ කර දැමුවේ උන්වහන්සේගේ උස් තැන් පුදසුන් සහ පූජාසන නො වේ ද? “ ‘දැන් එන්න; මගේ ස්වාමි වූ අසිරියාවේ රජු සමඟ ගනුදෙනුවකට එළැඹෙන්න. අශ්වයින් දෙදහසක් මා ඔබට දෙන්නම්, උන් පිට නැගී යා හැකි අසරුවන් ඔබට සපයා ගන්නට හැකි නම්. යුධ රථ හා අසරුවන් සඳහා ඊජිප්තුව ගැන විශ්වාසය තබා සිටින ඔබ, මගේ ස්වාමියාගේ සේවකයින්ගෙන් ඉතා සුළු නිලධාරියකු වුව නෙරපා හරින්නේ කෙසේ ද? එපමණක් ද! මේ දේශයට එරෙහිව විනාශ කර දමන්නට මා ආවේ ස්වාමින්වහන්සේ නැතිව ද? මේ රටට එරෙහිව ඇවිත් මෙය විනාශ කර දමන ලෙස මට කීවේ ස්වාමින්වහන්සේ ම යැ’ යි” පැවසී ය.
2 රාජාවලිය 18 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 18:13-25
24 Days
What began as a victorious return to the land in Joshua ends in destruction, defeat, and exile in 2 Kings. The idolatry and sinfulness of Israel and Judah lead to their expulsion from the land - a final ignominy in a long history of unfaithfulness. Yet even in exile, God was preserving his people and the line of David for a future coming King, whose reign would know no end.
31 Days
The 2-Year Chronological Bible Plan guides you through Scripture in the order of timeline history, helping you see the full story of God’s work from beginning to end. This plan deepens understanding, strengthens faith, and builds a consistent habit of reading God’s Word. Experience how the Bible fits together and grow spiritually as you follow God’s promises throughout Scripture.
This is the thirteenth installment of a Bible reading plan following the lectionary pattern, offering daily readings from the Psalms, Old Testament, and New Testament. Each day includes a devotional primer to help prepare your heart and mind for a deeper, more meaningful encounter with Scripture. Additionally, as we commemorate the 1,700-year anniversary of the Nicene Creed this year, this plan provides a daily focus to help us understand and celebrate this foundational confession of our Christian faith.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ