ඉශ්‍රායෙල් රජු වූ රෙමලියාගේ පුත් පෙකාගේ දෙවන අවුරුද්දේ යූදා රජු වූ උස්සියාගේ පුත් යෝතාම් රජකම් කරන්නට පටන් ගත්තේ ය. ඔහු රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය. ඔහු අවුරුදු දහසයක් යෙරුසලමෙහි රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම යෙරූෂා ය. ඈ සාදෝක්ගේ දියණියයි. ඔහු තම පියා වූ උස්සියා කර තිබූ සියල්ල පරිදි ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ හරි දේ කළේ ය. එහෙත් උස් තැන් පුදසුන් ඉවත් නො කෙරිණි; ජනයා දිගට ම එහි යාග පූජා ඔප්පු කර, සුවඳ දුම් දවාලූහ. යෝතාම්, ස්වාමින්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුව ගොඩ නැගුවේ ය. යෝතාම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ ද යූදා රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? ඒ දවස්වලදී ස්වාමින්වහන්සේ අරාම්හි රජු වූ රෙසීන් හා රෙමලියාගේ පුත් පෙකා යූදාට එරෙහිව යවන්නට පටන් ගත් සේක. යෝතාම් තම පියවරුන් සමඟ සැතපුණෙන්, තම පිය වූ දාවිත් පුරයේ ඔහුගේ පියවරුන් සමඟ භූමදාන කෙරිණ. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජකමට පත් විය.
2 රාජාවලිය 15 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 15:32-38
31 Days
This is the thirteenth installment of a Bible reading plan following the lectionary pattern, offering daily readings from the Psalms, Old Testament, and New Testament. Each day includes a devotional primer to help prepare your heart and mind for a deeper, more meaningful encounter with Scripture. Additionally, as we commemorate the 1,700-year anniversary of the Nicene Creed this year, this plan provides a daily focus to help us understand and celebrate this foundational confession of our Christian faith.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ