2 රාජාවලිය 14
14
යූදාහි රජ අමසියා
1ඉශ්රායෙල්හි රජු වූ යෝවාහාස්ගේ#14:1 යෝවාහාස්ගේ හෙවත් යෙහෝවාහාස් පුත් යෝවාෂ්ගේ දෙවන වසරේ යූදාහි රජු වූ යෝවාෂ්ගේ පුත් අමසියා රජකම් කරන්නට පටන් ගත්තේ ය. 2ඔහු රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය. ඔහු අවුරුදු විසිනවයක් යෙරුසලමෙහි රජකම් කළේ ය. යෙරුසලම් කාන්තාවක් වූ ඔහුගේ මවගේ නම යෙහෝවද්දාන් ය. 3ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි ව තිබූ දෑ කළේ ය. එහෙත් ඒ තම පියා වූ දාවිත් කර තිබූ පරිදි ම නො වේ. ඔහු හැම දේකදී ම අනුගමන කළේ, තම පියා වූ යෝවාෂ්ගේ ආදර්ශය ය. 4එහෙත් උස් තැන් පුදසුන් ඉවත් නො කෙරිණි; ජනයා දිගට ම එහි යාග පූජා ඔප්පු කර, සුවඳ දුම් දවාලූහ.
5රාජ්‍යය තම අත යට ස්ථාවර වූ කල, ඔහු තම පිය රජු මරා දැමූ නිලධාරීන් මරා දැමී ය. 6එහෙත් ඔහු ඒ මිනී මරුවන්ගේ පුතුන් මරා දැමුවේ නැත. එසේ නො කළේ ස්වාමින්වහන්සේ ආඥා කළ මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා ඇති පරිදි, “තම දරුවන් නිසා පියවරුවත්, තම පියවරුන් නිසා දරුවෝවත් මරණයට පත් කරනු නො ලබත්වා. එක් එක්කෙනා මරණයට පත් විය යුත්තේ තමාගේ ම පාපය උදෙසා ය” යන්නට අනුකූලව ය.
7ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දස දහසක් ගසා හෙළා, යුධ වැදීමෙන් සෙලා අත්පත් කර ගත්තේ ඔහු ය. ඔහු ඊට යොක්තෙයෙල් යන නම තැබී ය. ඒ නම අද දක්වා පවතී.
8ඉන්පසු අමසියා, ඉශ්රායෙල්හි රජු වූ යේහූගේ පුත් යෙහෝවාහාස්ගේ පුත් යෙහෝවාෂ් වෙත පණිවුඩකරුවන් යවමින්, “එන්න, මුහුණට මුහුණ මුණගැසෙමු” යි කියා යැවී ය.
9එහෙත් ඉශ්රායෙල්හි රජු වූ යෙහෝවාෂ්, යූදාහි රජු වූ අමසියාට පිළිතුරු දෙමින්, “ලෙබනොන්හි කටු ගසක්, ලෙබනොන්හි දේවදාර ගසකට පණිවුඩයක් යවමින්, ‘ඔබගේ දියණිය මගේ පුතුට බිරිඳ කර දෙන්නැ’ යි කියා යැවී ය. එවිට එතැන පසු කර යන ලෙබනොන්හි වන මෘගයෙක් කටු ගස පාගා දැමී ය. 10ඔබ සැබවින් ඒදොම් පැරදවී ය; දැන් ඔබේ සිත උඩඟු වී තිබේ. ඔබේ ජයග්‍රහණය රැකගෙන ගෙදරට වී ඉන්න. ඔබත්, යූදාත් වැටෙන පිණිස කරදර ඇතිකර ගන්නේ මොකට දැ” යි කියා යැවී ය.
11එහෙත් අමසියා ඇහුම්කන් දුන්නේ නැත. එබැවින් ඉශ්රායෙල්හි රජු වූ යෙහෝවාෂ් ගියේ ය. ඔහු හා යූදාහි රජු වූ අමසියා යූදාට අයත් බෙත්-ෂෙමෙෂ්හි දී එකිනෙකා මුහුණට මුහුණ හමුවූහ. 12යූදා ඉශ්රායෙල් අතින් පරාජයට පත් විය. හැම මිනිසෙක් ම තම නිවසට පලා ගියේ ය. 13ඉශ්රායෙල්හි රජු වූ යෙහෝවාෂ්, අහසියාගේ පුත් යෝවාෂ්ගේ පුත්‍ර, යූදාහි රජු වූ අමසියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන, යෙරුසලම වෙත ගොස්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා රියන් හාරසියයක්#14:13 මීටර් 180ක් පමණ. යෙරුසලම් පවුර බිඳ දැමී ය. 14ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් හා රජ මැදුරේ භාණ්ඩාගාරවලින් හමු වූ සියලු රන් හා රිදී ද සියලු භාණ්ඩ ද අත්කර ගත්තේ ය. තවද ඔහු ප්‍රාණ ඇපකරුවන් ද අල්ලාගෙන, සමාරිය වෙත ආපසු ගියේ ය.
15යෙහෝවාෂ් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ ද යූදාහි රජු වූ අමසියාට එරෙහිව ඔහුගේ යුද්ධය ඇතුළු ඔහුගේ බලවත් ක්‍රියා ද ඉශ්රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 16යෙහෝවාෂ් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු ඉශ්රායෙල් රජවරුන් සමඟ සමාරියේ භූමදාන කෙරිණ. ඔහුගේ පුත් යෙරොබොවම් ඔහු වෙනුවට රජකමට පත් විය.
17යෝවාෂ්ගේ පුත්‍ර, යූදාහි රජු වූ අමසියා, යෙහෝවාහාස්ගේ පුත්‍ර ඉශ්රායෙල්හි රජ වූ යෙහෝවාෂ්ගේ මරණින් පසු පහළොස් වසරක් ජීවත් වූයේ ය. 18අමසියා සම්බන්ධ සෙසු කාරණා යූදා රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?
19යෙරුසලමේදී ඔවුහු ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කළහ. ඔහු ලාකීෂ් වෙත පලා ගියේ ය. එහෙත් ඔවුහු ලාකීෂ් වෙත ඔහු පස්සෙන් මිනිසුන් යවා, එහිදී ඔහු මරා දැමූහ. 20ඔවුහු ඔහු අශ්වයින් පිට රැගෙනවුත්, යෙරුසලමේ දාවිත් පුර ඔහුගේ පියවරුන් අතරේ භූමදාන කළහ.
21ඉන්පසු මුළු යූදා ජනයා දහසය වියැති අසරියා#14:21 අසරියා හෙවත් උස්සියා ලෙස ද හැඳින් වේ. ඔහුගේ පියා වූ අමසියා වෙනුවට රජකමට පත් කර ගත්හ. 22අමසියා තම පියවරුන් සමඟ සැතපුණු පසු, ඒලත් යළි ගොඩ නගා, යළි එය යූදාට අත්කර ගත්තේ ඔහු ය.
ඉශ්රායෙල්හි දෙවන යෙරොබොවම් රජු
23යූදා රජු වූ යෝවාෂ්ගේ පුත් අමසියාගේ පහළොස් වන අවුරුද්දේ ඉශ්රායෙල් රජු වූ යෙහෝවාෂ්ගේ පුත් යෙරොබොවම් සමාරියේ රජකමට පත් විය. ඔහු අවුරුදු හතළිස් එකක් රජකම් කළේ ය. 24ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඉශ්රායෙල්ට කරන්නට සැලසූ ඔහුගේ පාප එකකින්වත් ඔහු ඉවත හැරුණේ නැත. 25ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම සේවක ගාත්-හේෆෙර්හි අමිත්තයිගේ පුත් දිවැසිවර යෝනා ලවා පවසන ලද වචනයට අනුව ලෙබෝ-හමාත් පටන් අරාබා මුහුද#14:25 අරාබා මුහුද හෙවත් මළ මුහුද දක්වා වූ ඉශ්රායෙල් දේශ සීමා නැවත ස්ථාපිත කළේ ඔහු ය.
26ඉශ්රායෙල්හි වහල්-නිවහල් හැම කෙනකු ම බොහෝ පීඩිත ව සිටිනවාත්, ඔවුන්ගේ පිහිටට කිසිවකු එහි නැති වගත් ස්වාමින්වහන්සේ දුටු සේක. 27තවද ඉශ්රායෙල් යන නාමය අහස යටින් මකා දමන බව ස්වාමින්වහන්සේ පවසා තිබුණේ නැති බැවින් උන්වහන්සේ යෙහෝවාෂ්ගේ පුත් යෙරොබොවම් ලවා ඔවුන් ගැලවූ සේක.
28යෙරොබොවම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල හා ඔහුගේ බලවත් යුද මෙහෙයුම් ඇතුළු යූදාට අයිති ව තිබූ දමස්කය හා හමාත් ඔහු ඉශ්‍රායෙලයට ආපසු ලබා ගත් අයුරු ද ඉශ්රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 29යෙරොබොවම් තම පියවරුන් වූ ඉශ්රායෙල් රජවරුන් සමඟ සැතපුණේ ය. ඔහුගේ පුත් සෙකරියා ඔහු වෙනුවට රජකමට පත් විය.
දැනට තෝරාගෙන ඇත:
2 රාජාවලිය 14: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: