යූදා රජු වූ යෝවාෂ්ගේ පුත් අමසියාගේ පහළොස් වන අවුරුද්දේ ඉශ්‍රායෙල් රජු වූ යෙහෝවාෂ්ගේ පුත් යෙරොබොවම් සමාරියේ රජකමට පත් විය. ඔහු අවුරුදු හතළිස් එකක් රජකම් කළේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඉශ්‍රායෙල්ට කරන්නට සැලසූ ඔහුගේ පාප එකකින්වත් ඔහු ඉවත හැරුණේ නැත. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම සේවක ගාත්-හේෆෙර්හි අමිත්තයිගේ පුත් දිවැසිවර යෝනා ලවා පවසන ලද වචනයට අනුව ලෙබෝ-හමාත් පටන් අරාබා මුහුද දක්වා වූ ඉශ්‍රායෙල් දේශ සීමා නැවත ස්ථාපිත කළේ ඔහු ය. ඉශ්‍රායෙල්හි වහල්-නිවහල් හැම කෙනකු ම බොහෝ පීඩිත ව සිටිනවාත්, ඔවුන්ගේ පිහිටට කිසිවකු එහි නැති වගත් ස්වාමින්වහන්සේ දුටු සේක. තවද ඉශ්‍රායෙල් යන නාමය අහස යටින් මකා දමන බව ස්වාමින්වහන්සේ පවසා තිබුණේ නැති බැවින් උන්වහන්සේ යෙහෝවාෂ්ගේ පුත් යෙරොබොවම් ලවා ඔවුන් ගැලවූ සේක. යෙරොබොවම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල හා ඔහුගේ බලවත් යුද මෙහෙයුම් ඇතුළු යූදාට අයිති ව තිබූ දමස්කය හා හමාත් ඔහු ඉශ්‍රායෙලයට ආපසු ලබා ගත් අයුරු ද ඉශ්‍රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?
2 රාජාවලිය 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 14:23-28
7 Days
Need a second chance in life, or need a reminder of God’s limitless grace? The Book of Jonah is for you. This short story about a bad prophet and big fish might seem strange, but it has a lot to say about the transformative power of God’s love. Ready to dive in?
30 Days
In the beginning was the Word … but what came next? This plan is for anyone who wants a better understanding of the Bible. It provides a chronological reading program that endeavors to place all biblical passages in their date order. Part Six of this twelve-part one-year reading plan is titled ‘The Nation Rebels, Divides and Declines, 975 BC–730 BC’.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ