2 රාජාවලිය 13:14-20

2 රාජාවලිය 13:14-20 SCV

එලීෂා තමා මරණයට පත් කෙරුණු රෝගයෙන් පෙළෙමින් සිටියදී ඉශ්‍රායෙල් රජු වූ යෙහෝවාෂ් ඔහු බැහැ දකින්නට ගොස් ඔහු ගැන වැලපෙමින්, “මගේ පියාණෙනි, මගේ පියාණෙනි, ඉශ්‍රායෙල්ගේ යුධ රථ හා එහි අසරුවෝ” යි කියමින් හැඬී ය. එලීෂා ඔහු අමතා, “දුන්නක් හා ඊතල ගන්නැ” යි කීවේ ය. එබැවින් ඔහු දුන්නක් හා ඊතල ගත්තේ ය. එවිට ඔහු ඉශ්‍රායෙල් රජු අමතා, “දුන්න අතට ගන්නැ” යි කීවේ ය. ඔහු එය අතට ගත් කල, එලීෂා තම අත් රජුගේ අත් පිට තැබී ය. “නැගෙනහිර කවුළුව අරින්නැ” යි ඔහු කීවේ ය; ඔහු එය ඇරියේ ය. “විදින්නැ” යි එලීෂා කීවේ ය. ඔහු විද්දේ ය. “ස්වාමින්වහන්සේගේ ජය ඊ ගස ය, අරාම්ගෙන් ජය ගැනීමේ ඊ ගස යැ” යි ප්‍රකාශ කළ එලීෂා, “ඔබ අෆේක්හි දී අරාම්වරුන් මුළුමනින් විනාශ කරනු ඇතැ” යි කීවේ ය. ඉන්පසු ඔහු, “ඊ ගස් ගන්නැ” යි කී ය. රජු ඒවා ගත්තේ ය. “ඒවායින් බිමට ගසන්නැ” යි ඔහු ඉශ්‍රායෙල් රජුට පැවසී ය. ඔහු තුන් වරක් ගසා නැවැත්වී ය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහු සමඟ කෝප වී, “ඔබට පස් හය වතාවක් බිමට ගසන්න තිබුණා. එසේ කළා නම්, ඔබ අරාම්වරුන් පරදා, මුළුමනින් ඔවුන් විනාශ කර දමන්නට තිබුණා. එහෙත් දැන් ඔබ ඔවුන් පරදවන්නේ තුන් වරක් පමණකැ” යි කීවේ ය. එලීෂා මිය ගියේ ය; ඔවුහු ඔහු භූමදාන කළහ. වසරේ වසන්ත කාලයේ මෝවබ් කොල්ලකාර හමුදාවෝ රටට ඇතුල් වූහ.

මෙයට අදාළ වීඩියෝ

2 රාජාවලිය 13:14-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය