2 කොරින්ති 7:2-7

2 කොරින්ති 7:2-7 SCV

ඔබ හදවත්හි අපට ඉඩ සලසා දෙන්න. කිසිවකුටත් අප වරදක් කර නැත; කිසිවකුත් දූෂ්‍ය කර නැත; කිසිවකුගෙන් වාසි සලසා ගෙන නැත. ඔබට වරද පවරන පිණිස මා මෙසේ කියනවා නො වේ. කලින් මා ඔබට කියා ඇති පරිදි එකට මැරෙන්නටත්, එකට ජීවත් වන්නටත් අප හදවත් තුළ ඔබ සිටී. ඔබ ගැන බලවත් විශ්වාසයක් මට තිබේ. ඔබ ගැන මහත් ආඩම්බරයක් මට තිබේ. මා සිටින්නේ සැනසිල්ලෙන් පිරිලා ය. අපගේ සියලු පීඩාවලදීත්, මම උතුරා යන ප්‍රීතියෙන් යුක්ත ව සිටිමි. අප මකිදෝනිය වෙත පැමිණි විට පවා අප ශරීරයට කිසි විවේකයක් නො විණි. එසේ වුව ද, පිටතින් වූ ගැටුම් ද ඇතුළතින් වූ බිය ද නිසා හැම පැත්තෙන් ම අප පීඩා කරනු ලැබිණ. එහෙත් පසුබටවූවන් සනසවන දෙවියන්වහන්සේ, අප සැනසුවේ තීතස්ගේ පැමිණීමෙනි. ඔහුගේ පැමිණීම පමණකින් නො වේ; ඔබ විසින් ඔහු සනසවන ලද සැනසිල්ල ද ඔබගේ ආශාවත්, ඔබගේ ශෝකයත්, මා වෙත ඇති ඔබගේ උද්යෝගයත් ගැන ඔහු පැවසීමෙන්, මගේ ප්‍රීතිය වඩාත් අධික විය.

මෙයට අදාළ වීඩියෝ