2 කොරින්ති 6
6
1එබැවින් උන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවන් වශයෙන් අප ඔබෙන් අයැද සිටින්නේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිකරුණේ නො පිළිගන්නා ලෙසයි. 2මන්ද උන්වහන්සේ පවසන්නේ,
“ප්‍රසාදයේ කාලයකදී මම ඔබට සවන් දුනිමි.
ගැලවීමේ දවසේදී මම ඔබට උපකාර කළෙමි”#6:2 යෙසා 49;8 කියා ය.
මෙන්න! පිළිගත හැකි කාලය දැනුයි; මෙන්න! ගැලවීමේ දවස අදයි.
පාවුල් විඳි දුක් ගැහැට
3සේවය කිසි දෝෂ දර්ශනයකට ලක් නො වන පිණිස, කිසි අයුරකින් කිසිවකුට අප බාධා පමුණුවන්නේ නැත. 4අනික් අතට, අප දෙවියන්වහන්සේගේ සේවකයින් වග හැම අතින් ම පෙන්නුම් කරන්නේ: මහත් සේ විඳ දරා ගනිමිනි; පීඩා, අපහසුතා හා විපත්ති විඳීමෙනි: 5පහර කනු ලැබීමෙනි; සිරගතවීම්වලිනි; කෝලාහලවලිනි; වෙහෙසීමෙනි; නිදි නැති රෑවලිනි; කුස ගින්නෙනි; 6පවිත්‍රතාවෙනි; අවබෝධයෙනි; ඉවසීමෙනි; කාරුණික වීමෙනි; ශුද්ධාත්මයාණන්ගෙනි; අව්‍යාජ ප්‍රේමයෙනි; 7සත්‍යවාදී කතාවෙන් හා දෙවියන්වහන්සේගේ බලයෙනි; සුරතින් හා වමතින් ගත් ධර්මිෂ්ඨකමේ අවිවලිනි. 8ගෞරවය මැද්දේ හා අගෞරවය මැද්දේ ය; අපහාස හා පැසසුම් මැද්දේ ය; සත්‍යවාදී වුවත්, වංචනිකයින් සේ සලකනු ලැබීමෙනි; 9හොඳින් හඳුනන නමුත්, නො හඳුනන්නන් ලෙසිනි; මරණයට පත්වෙන්නන් ලෙස ගණන් ගැනුණත්, මෙන්න! අපි ජීවත් වන්නෙමු. දඬුවම් ලද ලෙසිනි, එහෙත් මරා දමනු ලැබ නැත; 10ශෝක වන්නන් ලෙස නමුදු, අප නිතර ම ප්‍රීතියෙනි; දුප්පතුන් ලෙස නමුදු, බොහෝ දෙනකු ධනවත් කරමිනි; කිසිවක් නැතියවුන් ලෙස නමුදු, හැම දෙයක් ම හිමි ලෙසිනි.
11අප ඔබට කතා කළේ නිදහස් ව ය, කොරින්තිවරුනි. අපේ හදවත් සපුරාම විවෘත ය. 12අප විසින් ඔබ කෙරේ සීමා පනවා නැත. ඔබේ හිතේසි බවෙහි සීමා පනවා ගෙන ඇත්තේ ඔබ ම ය. 13ඒ වෙනුවට දරුවනට මෙන් මා කියන්නේ, ඔබත් ඔබේ හදවත් පුළුල් ව විවර කරන්න කියායි.
ගැලපීම්-නොගැලපීම්
14නො ඇදහිලිවතුන් සමඟ නො පෑහෙන සේ එකට නො ඈඳෙන්න. මන්ද නොපනත්කම සමඟ ධර්මිෂ්ඨකමට ඇති පංගුකාරකම කුමක් ද? නැතහොත් අන්ධකාරය සමඟ ආලෝකයට ඇති සහභාගිත්වය කුමක් ද? 15යක්ෂාධිපතියා සමඟ ක්‍රිස්තුස්වහන්සේට ඇති ගැලපීම කුමක් ද? නැතහොත් නො ඇදහිලිවතකු සමඟ ඇදහිලිවතකු බෙදා ගන්නා කොටස කුමක් ද? 16පිළිම රූප සමඟ දෙවියන්වහන්සේගේ මාලිගාවට ඇති එකඟතාව කුමක් ද? මන්ද ජීවමාන දෙවියන්වහන්සේගේ මාලිගාව අප ය. දෙවියන්වහන්සේ පවසන පරිදි:
“මම ඔවුන් මධ්‍යයේ මගේ නිවස්නය තනා,
ඔවුන් අතර ගැවසෙන්නෙමි.
මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි;
ඔවුහු මගේ ජනයා වන්නෝ ය.”#6:16 ලෙවී 26;12; යෙරමි 32;38; එසකි 37;27
17එබැවින්,
“ඔවුන් අතරින් පිටතට ඇවිත්,
ඔවුන් වෙතින් වෙන් ව සිටින්නැ”#6:17 යෙසා 52;11; එසකි 20:34,41 යි,
ස්වාමින්වහන්සේ කියන සේක.
“කිසි අපවිත්‍ර දෙයක් ස්පර්ශ නො කරන්න.
එවිට මම ඔබ පිළිගන්නෙමි.”
18තවද,
“මම ඔබට පියෙක් වන්නෙමි,
ඔබ මගේ පුතුන් හා දූවරුන් වනු ඇතැ”#6:18 2 සාමු 7;14;7;8 යි,
සියලු බලැති ස්වාමින්වහන්සේ පවසන සේක.
දැනට තෝරාගෙන ඇත:
2 කොරින්ති 6: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: