2 කොරින්ති 6:4-10

2 කොරින්ති 6:4-10 SCV

අනික් අතට, අප දෙවියන්වහන්සේගේ සේවකයින් වග හැම අතින් ම පෙන්නුම් කරන්නේ: මහත් සේ විඳ දරා ගනිමිනි; පීඩා, අපහසුතා හා විපත්ති විඳීමෙනි: පහර කනු ලැබීමෙනි; සිරගතවීම්වලිනි; කෝලාහලවලිනි; වෙහෙසීමෙනි; නිදි නැති රෑවලිනි; කුස ගින්නෙනි; පවිත්‍රතාවෙනි; අවබෝධයෙනි; ඉවසීමෙනි; කාරුණික වීමෙනි; ශුද්ධාත්මයාණන්ගෙනි; අව්‍යාජ ප්‍රේමයෙනි; සත්‍යවාදී කතාවෙන් හා දෙවියන්වහන්සේගේ බලයෙනි; සුරතින් හා වමතින් ගත් ධර්මිෂ්ඨකමේ අවිවලිනි. ගෞරවය මැද්දේ හා අගෞරවය මැද්දේ ය; අපහාස හා පැසසුම් මැද්දේ ය; සත්‍යවාදී වුවත්, වංචනිකයින් සේ සලකනු ලැබීමෙනි; හොඳින් හඳුනන නමුත්, නො හඳුනන්නන් ලෙසිනි; මරණයට පත්වෙන්නන් ලෙස ගණන් ගැනුණත්, මෙන්න! අපි ජීවත් වන්නෙමු. දඬුවම් ලද ලෙසිනි, එහෙත් මරා දමනු ලැබ නැත; ශෝක වන්නන් ලෙස නමුදු, අප නිතර ම ප්‍රීතියෙනි; දුප්පතුන් ලෙස නමුදු, බොහෝ දෙනකු ධනවත් කරමිනි; කිසිවක් නැතියවුන් ලෙස නමුදු, හැම දෙයක් ම හිමි ලෙසිනි.