2 කොරින්ති 4:6-8

2 කොරින්ති 4:6-8 SCV

මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙනු” යි කී දෙවියන්වහන්සේ ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙන් දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නැමති ආලෝකය අප හදවත්හි බැබළවූ සේක. එහෙත් අනභිභවනීය බලය අයිති අපට නො ව, දෙවියන්වහන්සේට වග පෙන්වනු පිණිස, මෙම වස්තුව අපට ඇත්තේ මැටි බඳුන්වල ය. අපි හැම පැත්තෙන් ම තදින් තෙරපනු ලබන්නෙමු; එහෙත් තැළී නැත. වියවුල් කරනු ලබන්නෙමු; එහෙත් බලාපොරොත්තු සුන්වී නැත.