2 කොරින්ති 4:14-18

2 කොරින්ති 4:14-18 SCV

මන්ද යේසුස් ස්වාමින්වහන්සේ නැගිට වූ තැනැන්වහන්සේ, යේසුස්වහන්සේ සමඟ අප ද නැගිටුවන බවත්, ඔබ සමඟ අප තමන්වහන්සේ ඉදිරියට පමුණු වන බවත් අප දන්නා බැවිනි. මන්ද දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, වඩ වඩා බොහෝ ජනතාවක් වෙත පැතිර යෑමෙන්, දෙවියන්වහන්සේගේ තේජෝමහිමයට නැගෙන ස්තුති දීම් අධික වන පිණිස මේ සියල්ල ඔබ උදෙසා ය. අප අධෛර්ය නො වන්නේ එබැවිනි. පිටස්තර ස්වභාවයෙන් අපි ක්ෂය වෙමින් සිටින නමුදු, ඇතුළාන්ත ස්වභාවෙන් දවසින් දවස අලුත් වෙමින් සිටින්නෙමු. මන්ද මෙම සුළු, තාවකාලික පීඩා, ඒ සියල්ල අතිශයෙන් ඉක්මවාලන සදාතනික තේජසකට මං සලසයි. එබැවින් පෙනෙන්නට ඇති දේ දෙස නො ව, පෙනෙන්නට නැති දේ දෙස අපි දෑස් දල්වා සිටින්නෙමු. මන්ද පෙනෙන්නට ඇති දේ තාවකාලික ය; පෙනෙන්නට නැති දේ සදාතනික ය.