2 කොරින්ති 4:10-12

2 කොරින්ති 4:10-12 SCV

හැම විට ම යේසුස්වහන්සේගේ මරණය අප ශරීරය තුළ ගෙන යන්නේ යේසුස්වහන්සේගේ ජීවනය ද අපගේ ශරීර තුළ ප්‍රකාශ වන පිණිස ය. මැරෙන සුළු අප මාංසයේ යේසුස්වහන්සේගේ ජීවනය ප්‍රකාශ වන පිණිස, ජීවත් ව සිටින අපි නිරතුරු මරණයට භාර දෙනු ලැබ සිටිමු. මෙසේ අප තුළ ක්‍රියාකාරී ව ඇත්තේ මරණයයි; එහෙත් ඔබ තුළ ජීවනයයි.