එබැවින් මේ සේවය අපට දෙවියන්වහන්සේගේ දයාවෙන් ලැබී ඇති නිසා, අප අධෛර්ය වන්නේ නැත. තවද ලජ්ජා සහගත රහස් මාර්ග අත් හළ අපි, වංචනික ව ක්‍රියා කිරීම හෝ දෙවියන්වහන්සේගේ වචනය විකෘති කිරීම ප්‍රතික්ෂේප කරන්නෙමු. අනෙක් අතට අපි, සත්‍යතාව ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමෙන් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හැම මිනිසකුගේ ම හෘදය සාක්ෂියට අප ගැන පැහැදීමක් දෙන්නෙමු. එහෙත්, අපගේ ශුභාරංචිය වැසී තිබේ නම්, එසේ වැසී ඇත්තේ විනාශ වන්නන්ට පමණි. එහිදී මේ ලෝකයේ දෙවියා නො ඇදහිලිවතුන්ගේ මනස් අන්ධ කරනු ලැබ ඇත්තේ, දෙවියන්වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචියේ ආලෝකය ඔවුනට නො පෙනෙන පිණිස ය. මන්ද අප ප්‍රකාශ කරන්නේ අප ගැන නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ස්වාමින්වහන්සේ වශයෙන් හා යේසුස්වහන්සේ උදෙසා අප ඔබගේ දාසයින් වශයෙනි. මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙනු” යි කී දෙවියන්වහන්සේ ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙන් දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නැමති ආලෝකය අප හදවත්හි බැබළවූ සේක. එහෙත් අනභිභවනීය බලය අයිති අපට නො ව, දෙවියන්වහන්සේට වග පෙන්වනු පිණිස, මෙම වස්තුව අපට ඇත්තේ මැටි බඳුන්වල ය. අපි හැම පැත්තෙන් ම තදින් තෙරපනු ලබන්නෙමු; එහෙත් තැළී නැත. වියවුල් කරනු ලබන්නෙමු; එහෙත් බලාපොරොත්තු සුන්වී නැත. වධ හිංසා කරනු ලබන්නෙමු; එහෙත් අත්හරිනු ලැබ නැත; ගසා හෙළනු ලබන්නෙමු; එහෙත් විනාශ වී නැත. හැම විට ම යේසුස්වහන්සේගේ මරණය අප ශරීරය තුළ ගෙන යන්නේ යේසුස්වහන්සේගේ ජීවනය ද අපගේ ශරීර තුළ ප්‍රකාශ වන පිණිස ය. මැරෙන සුළු අප මාංසයේ යේසුස්වහන්සේගේ ජීවනය ප්‍රකාශ වන පිණිස, ජීවත් ව සිටින අපි නිරතුරු මරණයට භාර දෙනු ලැබ සිටිමු. මෙසේ අප තුළ ක්‍රියාකාරී ව ඇත්තේ මරණයයි; එහෙත් ඔබ තුළ ජීවනයයි. “මම විශ්වාස කළෙමි; එබැවින් මම කතා කළෙමි” යි ලියා තිබෙන ලෙස ඇදහිල්ලේ එම ආත්මයෙන් යුතු ව අපිදු විශ්වාස කරන්නෙමු; එබැවින් කතා කරන්නෙමු. මන්ද යේසුස් ස්වාමින්වහන්සේ නැගිට වූ තැනැන්වහන්සේ, යේසුස්වහන්සේ සමඟ අප ද නැගිටුවන බවත්, ඔබ සමඟ අප තමන්වහන්සේ ඉදිරියට පමුණු වන බවත් අප දන්නා බැවිනි. මන්ද දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, වඩ වඩා බොහෝ ජනතාවක් වෙත පැතිර යෑමෙන්, දෙවියන්වහන්සේගේ තේජෝමහිමයට නැගෙන ස්තුති දීම් අධික වන පිණිස මේ සියල්ල ඔබ උදෙසා ය. අප අධෛර්ය නො වන්නේ එබැවිනි. පිටස්තර ස්වභාවයෙන් අපි ක්ෂය වෙමින් සිටින නමුදු, ඇතුළාන්ත ස්වභාවෙන් දවසින් දවස අලුත් වෙමින් සිටින්නෙමු. මන්ද මෙම සුළු, තාවකාලික පීඩා, ඒ සියල්ල අතිශයෙන් ඉක්මවාලන සදාතනික තේජසකට මං සලසයි. එබැවින් පෙනෙන්නට ඇති දේ දෙස නො ව, පෙනෙන්නට නැති දේ දෙස අපි දෑස් දල්වා සිටින්නෙමු. මන්ද පෙනෙන්නට ඇති දේ තාවකාලික ය; පෙනෙන්නට නැති දේ සදාතනික ය.
2 කොරින්ති 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 කොරින්ති 4:1-18
5 days
The Essential 100® Bible Challenge is a simple tool to read through the Big Story of God's Word. The reading plan is based on 50 Old Testament and 50 New Testament passages. Continue with the nineteenth part "The Apostles' Teaching." ®Produced by American Bible Society in partnership with Scripture Union, Inc.
5 Days
This five-day devotional uses a scriptural foundation to focus on praying for those who do not know Jesus. If we are intentional and consistent in praying, we will see many people open their hearts to Jesus.
6 Days
Failure is part of life, but it has stopped too many from pursuing their unique purpose and destiny. Your past choices don’t have to end the dream God has placed on your heart. In this six-day devotional, Tyler Feller integrates biblical wisdom with practical steps to help you turn even the greatest failure into an opportunity to move forward with God. Don’t give up on God’s dream for you.
7 Days
The reasons for discouragement are strong, but the reasons to take heart and hold on to hope are stronger yet. We must see the bigger picture. Through biblical truth and personal stories, author, pastor, and theologian Jason Meyer encourages the weary and anxious believer by shining light on the nature of reality, the nature of God, and the intersection of the two in our daily, rubber-meets-the-road lives.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ