2 කොරින්ති 3
3
1අප නැවතත්, අප ගැන ම වර්ණනාව පටන් ගන්නවා ද? නැතහොත් ඇතමුන්ට සේ අපටත් ඔබට හෝ ඔබගෙන් හෝ රෙකමදාරු ලිපි ඕනෑ ද? 2හැමට ම දැනගැනීමටත්, කියවීමටත් අපගේ හදවත් මත ලියන ලද අපගේ රෙකමදාරු ලිපිය ඔබ ය. 3අප විසින් බෙදා හරින ලද ක්‍රිස්තුස්වහන්සේ වෙතින් වූ ලිපිය, ඔබ බැව් ඔබ ම පෙන්වයි; එය ලියා ඇත්තේ තීන්තෙන් නො ව, ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙනි; ගල් පුවරුවල නො ව, මිනිස් හද-පුවරුවල ය.
4ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ වෙත අපට ඇත්තේ එවැනි සහතිකයකි. 5කිසිවක් අපේ ම සමත්කමින් වී යැයි කීමට අපට නුපුළුවන. අපේ සමත්කම දෙවියන්වහන්සේ වෙතින් ය. 6අලුත් ගිවිසුමක සේවකයින් ලෙසට අප සමත් කළේ උන්වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත එකක් නො ව ආත්මයාණන්ගෙනි. මන්ද ලේඛනය මරා දමන්නේ ය; ආත්මයාණෝ ජීවත් කරවන සේක.
අලුත් ගිවිසුමේ වැඩි මහිමය
7ගලේ කෙටූ අකුරින් යුතු මරණයේ සේවාව, හීන වෙමින් තිබූ තේජසින් යුතු මෝසෙස්ගේ මුහුණ දෙස ඉශ්‍රායෙල් ජනයාට එක එල්ලේ බලන්නට බැරි තරමේ තේජසකින් පැමිණියේ නම්, 8ආත්මයාණන්ගේ සේවාව ඊට වඩා බොහෝ වැඩියෙන් තේජවත් නො වන්නේ ද? 9මන්ද වරදට පත් කිරීමේ සේවාව, තේජසින් යුතු වී නම්, ධර්මිෂ්ඨකමේ සේවාව, තේජසින් අතිශය වැඩි විය යුත්තේ ය. 10ඇත්තෙන් ම, කලින් තේජසින් යුතු වූ දේ, එය අභිබවා ගිය තේජස හමුවේ දැන් තේජසක් නැති බවට පත් ව තිබේ. 11මන්ද පහ වී යන දේ තේජසින් යුතු ව පැමිණියේ නම්, සදා පවතින දේහි තේජස ඊට වඩා කොතරම් අධිකතර වේ ද!
12එවැනි බලාපොරොත්තුවක් අපට ඇති බැවින් අප එඩිතර ය. 13පහ වී යමින් තිබූ දෙයෙහි අවසානය දෙස, ඉශ්‍රායෙල් ජනයා නෙත් හෙළා නො සිටින පිණිස, තම මුහුණට වැස්මක් දමාගත් මෝසෙස්ට අප සමාන නැත. 14එහෙත් ඔවුන්ගේ මනස් දැඩි වී තිබිණි. මන්ද මේ අද දවස දක්වා පැරණි ගිවිසුම කියවන කල, එම වැස්ම ඉවත් නො කොට එලෙස ම පවතී. මන්ද එය ඉවත් කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේ මගින් පමණි. 15අද දවසේ පවා මෝසෙස්ගේ ලියවිලි කියවන කල, ඔවුන්ගේ හදවත් පිට වැස්මක් එළා තිබේ. 16එහෙත් කෙනකු ස්වාමින්වහන්සේ වෙත හැරුණු කල, ඒ වැස්ම ඉවත් කෙරේ. 17ඒ ස්වාමින්වහන්සේ, ආත්මයාණන්වහන්සේ ය. මෙසේ ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් තැනක ද, එතැන නිදහස ඇත. 18එබැවින්, අපි සැවොම වැස්මෙන් තොර මුහුණින් ස්වාමින්වහන්සේගේ තේජස කැඩපතක් සේ පිළිබිඹු කරමින්, උන්වහන්සේගේ ස්වරූපයට තේජසින් තේජසට වෙනස් කරනු ලබන්නෙමු. එසේ වන්නේ ස්වාමින්වහන්සේ වන ආත්මයාණන්වහන්සේ වෙතිනි.
දැනට තෝරාගෙන ඇත:
2 කොරින්ති 3: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: