ගලේ කෙටූ අකුරින් යුතු මරණයේ සේවාව, හීන වෙමින් තිබූ තේජසින් යුතු මෝසෙස්ගේ මුහුණ දෙස ඉශ්‍රායෙල් ජනයාට එක එල්ලේ බලන්නට බැරි තරමේ තේජසකින් පැමිණියේ නම්, ආත්මයාණන්ගේ සේවාව ඊට වඩා බොහෝ වැඩියෙන් තේජවත් නො වන්නේ ද? මන්ද වරදට පත් කිරීමේ සේවාව, තේජසින් යුතු වී නම්, ධර්මිෂ්ඨකමේ සේවාව, තේජසින් අතිශය වැඩි විය යුත්තේ ය. ඇත්තෙන් ම, කලින් තේජසින් යුතු වූ දේ, එය අභිබවා ගිය තේජස හමුවේ දැන් තේජසක් නැති බවට පත් ව තිබේ. මන්ද පහ වී යන දේ තේජසින් යුතු ව පැමිණියේ නම්, සදා පවතින දේහි තේජස ඊට වඩා කොතරම් අධිකතර වේ ද! එවැනි බලාපොරොත්තුවක් අපට ඇති බැවින් අප එඩිතර ය. පහ වී යමින් තිබූ දෙයෙහි අවසානය දෙස, ඉශ්‍රායෙල් ජනයා නෙත් හෙළා නො සිටින පිණිස, තම මුහුණට වැස්මක් දමාගත් මෝසෙස්ට අප සමාන නැත. එහෙත් ඔවුන්ගේ මනස් දැඩි වී තිබිණි. මන්ද මේ අද දවස දක්වා පැරණි ගිවිසුම කියවන කල, එම වැස්ම ඉවත් නො කොට එලෙස ම පවතී. මන්ද එය ඉවත් කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේ මගින් පමණි. අද දවසේ පවා මෝසෙස්ගේ ලියවිලි කියවන කල, ඔවුන්ගේ හදවත් පිට වැස්මක් එළා තිබේ. එහෙත් කෙනකු ස්වාමින්වහන්සේ වෙත හැරුණු කල, ඒ වැස්ම ඉවත් කෙරේ. ඒ ස්වාමින්වහන්සේ, ආත්මයාණන්වහන්සේ ය. මෙසේ ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් තැනක ද, එතැන නිදහස ඇත. එබැවින්, අපි සැවොම වැස්මෙන් තොර මුහුණින් ස්වාමින්වහන්සේගේ තේජස කැඩපතක් සේ පිළිබිඹු කරමින්, උන්වහන්සේගේ ස්වරූපයට තේජසින් තේජසට වෙනස් කරනු ලබන්නෙමු. එසේ වන්නේ ස්වාමින්වහන්සේ වන ආත්මයාණන්වහන්සේ වෙතිනි.
2 කොරින්ති 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 කොරින්ති 3:7-18
3 Days
We want to feel the comfort of God but with so much uncertainty in the world, how do we trust in Him? In this plan adapted from God's Got This, Heidi Baker recounts two extraordinary true stories of courageous believers who fixed their eyes on Jesus and never gave up. She also shares a story of how she learned that it is okay to ask God for personal blessings.
What would you say if I told you that change is not about preparing for the future or about time as we know it? Join me in exploring a new perspective where change means becoming the person we have always been meant to be for God.
5 Days
Wherever you are, let Jesus be your all. Written by popular author and blogger Sophie Hudson, this beautiful journal for young women reminds you that Jesus is your All in All—over all, through all, and in all that you do. As you dig in to Sophie's words and wit, you'll better understand the wholeness and freedom that come from a life filled with Jesus. Each devotion keeps you thinking, and helps you grab all the goodness He has waiting for you.
Transformed by God by Kate Nicholas
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ