2 කොරින්ති 2:13-15
2 කොරින්ති 2:13-15 SCV
මා සහෝදර තීතස් එහිදී හමු නො වූ බැවින්, මගේ ආත්මයට සැනසීමක් නො විණි. එබැවින් මම ඔවුන්ගෙන් සමුගෙන, මකිදෝනිය බලා ගියෙමි. එහෙත් හැම විට ක්‍රිස්තුස්වහන්සේ තුළ ජය පෙරහැරෙහි අප ගෙන යන්නා වූත්, උන්වහන්සේ දැනගැනීමේ සුවඳ අප මගින් හැම තැන පතුරවන්නා වූත් දෙවියන්වහන්සේට ස්තුති වේවා! මන්ද ගැලවෙන්නන් අතරේ ද විනාශවන්නන් අතරේ ද දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳ අප ය.

