මා ඔබ වෙත එන තුන් වන වතාවයි මේ. “හැම කාරණයක් ම සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂිය මත ස්ථිර විය යුතු ය.” කලින් පව් කර තිබූ අයට හා සෙසු හැමට අවවාද කර ඇත්තෙමි. මා ආපසු පැමිණියහොත්, ඔවුන්ට අනුකම්පාවක් දක්වන්නේ නැති වග දෙවන වරට මා ඔබ වෙත ආ කල, ඔබ ළඟ සිට කී ලෙස, දැන් දුර සිට ද අවවාද කරමි. එසේ කරන්නේ, මා තුළින් ක්‍රිස්තුස්වහන්සේ කතා කරන බවට ඔබ ඔප්පු-සාක්ෂි ඉල්ලා සිටින බැවිනි. උන්වහන්සේ ඔබ කෙරෙහි දුර්වල ව නො ව ඔබ අතරේ බලවත් ව සිටින සේක. මන්ද උන්වහන්සේ දුබලතාවෙන් යුතු ව කුරුසිපත් කරන ලද නමුදු, දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත් වන සේක. එලෙස අපත්, උන්වහන්සේ තුළ දුර්වල වුව ද, උන්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ බලයෙන් යුතු ව ඔබ උදෙසා ජීවත් වන්නෙමු. තමන් ඇදහිල්ල තුළදැයි බලා ගන්න පිණිස, ඔබ ම තමන් විමසා ගන්න. ඔබ ම සෝදිසි කර ගන්න; ඔබ තුළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සිටිනා වග ඔබ වටහා ගෙන නැද්ද? එහෙම නැති නම් ඇදහිල්ලේ සෝදිසි කිරීමට අනුව ඔබ අසමත් ය. එහෙත් අප, එම සෝදිසි කිරීමට අනුව අසමත් ව නැති වග ඔබ දැනගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔබ, කිසි වැරැද්දක් නො කරන පිණිස අපි දෙවියන්වහන්සේට යාච්ඤා කරන්නෙමු. පරීක්ෂණයෙන් අප සමත් වග පෙනී යන පිණිස නො ව, පරීක්ෂණයෙන් අප අසමත් යයි පෙනී ගියා වුව ද ඔබ, හරි දේ කරන පිණිස යාච්ඤා කරන්නෙමු. මන්ද සත්‍යය සඳහා පමණක් ම ය මිස, සත්‍යයට එරෙහිව කිසිවක් කිරීමට අපට නුපුළුවන. අප දුබල ව සිටින අතරේ ඔබ ප්‍රබල වේ නම්, ඒ ගැන අප සතුටු ය. ඔබ සම්පූර්ණ වීම අපගේ යාච්ඤාවයි. ඔබ වෙත ඒමට කලින් මා මේ දේවල් ලියා එවන්නේ, බිඳහෙළීමට නො ව, ඔබ ගොඩ නැගීමට අප ස්වාමින්වහන්සේ ම මට දුන් අධිපති බලය, මා ඔබ වෙත ආ කල්හි තද පරුෂ ලෙස යෙදවීමට සිදු නො වන පිණිස ය. සහෝදරයිනි ප්‍රීති වන්න! සම්පූර්ණත්වය අරමුණු කර ගන්න. එකිනෙකා ධෛර්යවත් කරන්න. එකිනෙකා හා එකඟ වන්න. සාමයෙන් ජීවත් වන්න. ප්‍රේමයේත්, සාමයේත් දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක. එකිනෙකා සමඟ ශුද්ධ සිපාචාරයකින් සමාචාර දක්වන්න. සියලු ශුද්ධවන්තයෝ ඔබට ආචාර කරති. යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ද දෙවියන්වහන්සේගේ ප්‍රේමය ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිත්වය ද ඔබ හැම සමඟ පවතීවා!
2 කොරින්ති 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 කොරින්ති 13:1-14
3 Days
Infinitum is a way of life centered on following Jesus by loving God and loving others through an emphasis on the habits and disciplines of surrender, generosity, and mission. We aim to see the Bible and also the world through these Jesus-colored lenses. In this short Infinitum Discipleship series reading plan, we focus on accountability.
10 Days
God, by His very nature, is always speaking. Our Heavenly Father created us for relationship with Him, and He made us with the intellect and understanding to be able to recognize His voice. But as humans, we can have many questions about how God communicates with us. In this Plan from David McCracken Ministries, discover spiritual wisdom and practical keys which will help you to hear God’s voice clearly and confidently.
13 Days
In his second letter to the church at Corinth, Paul encourages believers to live in the identity Christ has provided for them. Although as fragile and mundane as jars of clay, God’s people hold the inestimable treasure of the gospel in their lives (2 Corinthians 4:7). 2 Corinthians reminds us that we are ambassadors for Christ, tasked with showing and sharing God’s good news of reconciliation for all who believe (2 Corinthians 5:20).
24 Days
Dallas Willard urged us to learn and practice prayer as a two-way dialogue with God. These excerpts from his best-selling book Hearing God, assembled by Jan Johnson, are an invitation to meet God, to allow his voice to shape your choices, and to encourage your heart. As you begin this four-week reading plan, thank God that he promises to meet you wherever you are in your faith journey.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ