2 කොරින්ති 12:7-9
2 කොරින්ති 12:7-9 SCV
එම අනුපමේය එළිදරවු වීම් හේතුවෙන් මා අහංකාර නො වන පිණිස, මට වධ දීමට මගේ මාංසයට කටුවක් හෙවත් සාතන්ගේ දූතයකු දෙනු ලැබ සිටිමි. ඒ, පමණට වඩා මා අහංකාර නො වන පිණිස ය. එය මගෙන් දුරු වන ලෙස ස්වාමින්වහන්සේට තුන් වරක් ම ආයාචනා කළෙමි. එහෙත් උන්වහන්සේ, “මගේ අනුග්‍රහය ඔබට සෑහේ; මන්ද මගේ බලය සම්පූර්ණ වන්නේ දුබලතාවයේදී යැ” යි කී සේක. එබැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ බලය මා මත රඳා පවත්නා පිණිස, මගේ දුබලතා ගැන වඩ වඩා ප්‍රමෝදයෙන් පාරට්ටු කර ගනිමි.

