2 කොරින්ති 10
10
තම සේවය ගැන පාවුල්ගේ පැහැදිලි කිරීමක්
1ඔබ හා මුහුණට මුහුණ හමු වූ කල යටහත් වූ, එහෙත් ඈත් ව සිටියදී ඔබ කෙරේ එඩිතර මම, පාවුල්, ක්‍රිස්තුස්වහන්සේගේ මෘදු ගුණයෙන් හා විනීතභාවයෙන් යුතු ව ඔබගෙන් අයැදීමක් කරමි. 2අප මාංසික ලෙස හැසිරෙතැයි අප ගැන සිතන ඇතමුන්ට එරෙහිව මා ආ කල්හි, සහතික වශයෙන් මා අපේක්ෂා කරන පරිදි එඩිතරකම් පෑමට නො සලස්වන මෙන් ඔබගෙන් ඉල්ලමි. 3මන්ද අප මාංසයෙහි ජීවත් වුව ද, අප මාංසයට අනුව යුද්ධ කරන්නේ නැත. 4මන්ද අපගේ යුද්ධයේ ආයුධ මාංසික ඒවා නො වේ. එහෙත් බළකොටු බිඳ හෙළීමේ දිව්‍යම බලය ඒවායේ ඇත. 5දෙවියන්වහන්සේ පිළිබඳ අවබෝධයට එරෙහිව නැගෙන තර්ක හා අහංකාර මත හැමකක් එමඟින් බිඳ හෙළා, හැම සිතිවිල්ලක් ම ක්‍රිස්තුස්වහන්සේට කීකරු කරවන පිණිස, අප ඒවා වහල් කොට ගන්නේ, 6ඔබගේ කීකරුකම සම්පූර්ණ වූ කල, හැම අකීකරුකමකට ම දඬුවම් දීමට සූදානමිනි.
7ඔබ බලන්නේ, ඔබගේ ඇසට පෙනෙන ලෙස ය. තමා ක්‍රිස්තුස්වහන්සේට අයත් යයි යමකුට සහතික නම්, ඔහු ක්‍රිස්තුස්වහන්සේට අයිතිවා සේ, අපත් අයිති බැව් කල්පනාවට ගනීවා. 8මන්ද ඔබ බිඳහෙළීමට නො ව, ගොඩ නැගීමට ස්වාමින්වහන්සේ අපට දුන් ආධිපත්‍යය ගැන මා මදක් වැඩියෙන් පාරට්ටු කර ගන්නා නමුදු, ඒ ගැන මා ලජ්ජා වන්නේ නැත. 9මගේ ලිපිවලින් මා ඔබ බිය ගන්වතැයි පෙන්වීමට මට වුවමනා නැත. 10මන්ද ඔවුන් මා ගැන කියන්නේ, “ඔහුගේ ලිපි නම් හරබර ය; බලවත් ය; එහෙත් ඔහුගේ ශාරීරික පෙනුම දුර්වල ය; කතාවට ද ඔහු අදක්ෂ ය” කියා ය. 11අප නො පැමිණ අපගේ ලිපිවලින් යම් සේ වී ද, අප පැමිණි කලත් එලෙස ම බැව් ඒ අය තේරුම් ගනිත්වා.
12තමන් ම තමන් වර්ණනා කරගන්නවුන්ගේ වර්ගයට ගැණෙන්නට හෝ ඔවුන් සමඟ සසඳා ගැන්මට අප නිර්භීත නැත. එහෙත් ඔවුන් තමන්ගේ ම මිම්මෙන් තමන් ම මැන ගන්නා කල, තමන් ම, තමන් හා සසඳා ගන්නා කල, ඔවුන් සිටින්නේ තේරුම් නැතිව ය. 13එහෙත් අප සීමාව ඉක්මවා පාරට්ටු කර ගන්නේ නැත. එහෙත් ඔබ දක්වා ම විහිද ඇති, දෙවියන්වහන්සේ අපට පැවරූ බල ප්‍රදේශයේ සීමාව දක්වා අපි පාරට්ටු කරන්නෙමු. 14ඔබ වෙත අප ළඟා වී නැතිවා වැනි ව, අපගේ දුර සීමාව ඉක්මවා යනවා නො වේ. මන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය රැගෙන, ඒ මුළු දුර ගෙවාගෙන, මුලින් ම ඔබ වෙත ආවේ අප ය. 15අන් අය කර ඇති වැඩ ගැන අප අපගේ සීමා ඉක්මවා පාරට්ටු කර ගන්නේ නැත. එහෙත් අපගේ බලාපොරොත්තුව, ඔබගේ ඇදහිල්ල වැඩි වන කල, ඔබ අතරේ අපේ බල පෙදෙස අතිශයෙන් පුළුල් වන බවයි. 16එවිට වෙනත් කෙනකුගේ බල පෙදෙසක දැනටමත් කර ඇති වැඩ ගැන පාරට්ටු කර නො ගෙන, ඔබෙන් එපිට පළාත්වල ශුභාරංචිය දේශනා කිරීමට අපට හැකි වෙයි. 17එහෙත්, “පුරසාරම් කියන්නා, ස්වාමින්වහන්සේ තුළ ම පුරසාරම් කියා ගනීවා.”#10:17 යෙරමි 9;24 18සැබවින් ම පිළිගනු ලබන්නේ තමන්ගේ ම වර්ණනාව කියා ගන්නා නො ව, දෙවියන්වහන්සේගෙන් වර්ණනාව ලබන්නා ය.
දැනට තෝරාගෙන ඇත:
2 කොරින්ති 10: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: