2 කොරින්ති 1:1-4

2 කොරින්ති 1:1-4 SCV

දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති වෙතින්, කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව හා අකාය පුරා සිටින සියලු ශුද්ධවන්තයින් වෙතයි. අපගේ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද ඔබට අනුග්‍රහ ලැබේවා; සාමය වේවා! යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ ද පියාණන්වහන්සේ ද වන දයාවේ පියාණන්වහන්සේ හා සකල සැනසිල්ලේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන්වහන්සේ විසින් අප සනසනු ලබන සැනසිල්ල මගින්, කවර පීඩාවකට පත්වූවන් වුව ද, සැනසීමට අපට හැකි වන පිණිස, අපගේ සියලු පීඩාවලදී උන්වහන්සේ අප සනසන සේක.