2 ලේකම් 9:5-9
2 ලේකම් 9:5-9 SCV
ඈ රජු අමතමින්, “ඔබ ඉටු කර ඇති දෑ හා ඔබගේ ප්‍රඥාව ගැන මගේ රටේදී මා ඇසූ පුවත් සැබෑයි. එහෙත් මා අවුත්, මගේ ම ඇස්වලින් දකින තුරු ඒ පුවත් මා විශ්වාස කළේ නෑ. සැබවින් ම ඔබගේ ප්‍රඥාවේ ශ්‍රේෂ්ඨත්වයෙන් අඩක්වත් මට කියා නැත. ඔබගේ ශ්‍රේෂ්ඨත්වය මා අසා තිබුණාට වඩා අතිශයෙන් ඉහළ ය. ඔබගේ ජනයා කොපමණ භාග්‍යවත් ද! නිති පතා ඔබ අබියස සිට, ඔබේ ප්‍රඥාව අසන ඔබේ සේවකයින් කොපමණ භාග්‍යවත් ද! ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ගැන ප්‍රසන්න වී, උන්වහන්සේ උදෙසා ඉශ්‍රායෙල් පාලනය කිරීමට ඔබ සිහසුන් පත් කළ බැවිනි. ඉශ්‍රායෙල්ට ඇති ඔබේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ සදහට ම ඔවුන් පිහිටුවාලීමට ඇති උන්වහන්සේගේ ආශාව නිසා උන්වහන්සේ යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වාගෙන යෑමට ඔවුන්ගේ රජ කොට ඔබ පත් කළ සේකැ” යි පැවසුවා ය. ඉන් අනතුරුව ඈ, රන් තලෙන්ත එකසිය විස්සක් ද සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද අනර්ඝ මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සාලමොන් රජුට දුන් ඒවා හා සමාන වූ සුවඳ ද්‍රව්‍ය තවත් නො විණි.

