2 ලේකම් 7:11-15

2 ලේකම් 7:11-15 SCV

සාලමොන්, ස්වාමින්වහන්සේගේ ගෘහයේත්, රජුගේ ගෘහයේත් වැඩ නිම කොට, ස්වාමින්වහන්සේගේ ගෘහයේත්, තමන්ගේ ගෘහයේත් කරන්නට අදහස් කළ සියල්ල සාර්ථක ලෙස නිම කළ පසු, ස්වාමින්වහන්සේ රාත්‍රියේදී සාලමොන්ට පෙනී, මෙසේ පැවසූ සේක: “මම ඔබේ යාච්ඤාවට සවන් දුන්නෙමි; මෙම ස්ථානය යාග පූජා ගෘහයක් වශයෙන් මම මට ම තෝරා ගත්තෙමි. “වැසි නො වසින ලෙස මා අහස පියවන කල හෝ දේශය වනසන ලෙස පළඟැටියන්ට මා අණ කරන කල හෝ මගේ ජනයා අතරට වසංගතය එවන කල හෝ මගේ නාමය දරන මගේ ජනයා තමුන් ම යටහත් වී, කන්නලව් කර, මගේ මුහුණ සොයා, තමන්ගේ දුෂ්ට මාර්ගවලින් ඉවත හැරෙන්නේ නම්, මම ස්වර්ගයේ සිට අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. මෙම ස්ථානයේදී ඔප්පු කරන යාච්ඤාවලට දැන් මගේ ඇස් විවර ව, මගේ සවන් යොමු ව තිබේ.