2 ලේකම් 33:15-17

2 ලේකම් 33:15-17 SCV

විදේශීය දෙවිවරුන් සහ දේව රූප ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් ඉවත් කළ ඔහු, ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද මත හා යෙරුසලමේ ඔහු ගොඩ නගා තිබූ සියලු පුදසුන් ද ඉවත් කර, ඒවා පුරවරයෙන් පිටත හෙළා දැමී ය. ඔහු ස්වාමින්වහන්සේගේ පූජාසනය යළි පිහිටුවා, ශාන්ති පූජා හා ස්තුති දීමේ පූජා ඔප්පු කළේ ය. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට මෙහෙ කරන ලෙස ඔහු යූදා ජනයාට නියෝග කළේ ය. කෙසේ වුව ද ජනයා තවමත් උස් තැන් පුදසුන්හි යාග ඔප්පු කළහ. එහෙත් ඒ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පමණි.