2 ලේකම් 33:13-14
2 ලේකම් 33:13-14 SCV
ඔහු උන්වහන්සේට යාච්ඤා කළේ ය. උන්වහන්සේ ඔහුගේ ආයාචනය පිළිගත් සේක්, ඔහුගේ කන්නලව්ව අසා, යෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යටත් යළි ඔහු ගෙනා සේක. ස්වාමින්වහන්සේ, සැබවින් ම දෙවියන්වහන්සේ වග එවිට මනස්සේ දැනගත්තේ ය. දාවිත් පුරය සඳහා මිටියාවතේ ගීහොන් උල්පතට බස්නාහිරින් මත්ස්‍ය දොරටු පිවිසුම තෙක් දිවෙන පිටත තාප්පයක් ගොඩ නැංවී ය. ඔහු එය ඔෆෙල් වටා යන පරිදි ඉතා උසට නැංවී ය. ඔහු යූදාහි සියලු බළකොටු පුරවර තුළ හමුදා සෙන්පතීන් ද සිටුවී ය.

