මේ දේවලට හා මෙම විශ්වසනීය ක්‍රියාවනට පසු, අසිරියාවේ රජු වූ සෙනකෙරීබ් පැමිණ, යූදා ආක්‍රමණ කර, බළකොටු පුරවරවලට එරෙහිව කඳවුරු බැන්දේ තමන් වෙතට ඒවා දිනා ගැනීමට හැකියයි සිතමිනි. යෙරුසලමට විරුද්ධ ව සටන් වැදීමේ අදහසින් සෙනකෙරීබ් පැමිණ ඇති වග දුටු හෙසකියා, පුරයෙන් පිටත ඇති උල්පත්වල ජල සැපයුම අවහිර කිරීමට තම නිලධාරීන් හා තම සෙන්පතීන් සමඟ සැලසුම් කළේ ය. ඔවුහු ඔහුට සහය දුන්හ. අති මහත් ජනතාවක් එක් රැස් ව, සියලු උල්පත් හා දේශය මැද ගලා ගිය ඔය අවහිර කළහ. “අසිරියාවේ රජුන් පැමිණ, ඇති තරම් වතුර සොයාගන්නේ කුමට දැ?” යි ඔවුහු කීහ. හෙසකියා තිරසර ලෙස ක්‍රියා කරමින්, කැඩී තිබූ මුළු තාප්පය ගොඩ නංවා, ඒ මත කුලුනු එසැවී ය. ඊට පිටතින් ඔහු තවත් තාප්පයක් ඉදිකර, දාවිත් පුරයේ මිල්ලෝ ශක්තිමත් කරවී ය. තවද ඔහු අවි-ආයුධ සහ පලිහ බහුල ව සෑදෙව්වේ ය. ඔහු ජනයා අතරින් සටන්කාමී සෙන්පතීන් පත් කර, පුර දොරටුව අසල පිටියට ඔවුන් රැස් කර, ඔවුන් දිරි ගන්වමින් කතා කළේ ය: “ධෛර්යවත් වන්න, ශක්තිමත් වන්න; අසිරියාවේ රජු මෙන් ම ඔහු සමඟ සිටින මුළු සමූහයා ඉදිරියේ භය වෙන්නවත්, කැලඹෙන්නවත් එපා. මොකද ඔහු සමඟ සිටින්නන්ට වඩා ශ්‍රේෂ්ඨයි අප සමඟ සිටින්නා; ඔහු සමඟ ඇත්තේ මාංසික බාහුවක්; එහෙත් අපට ආධාර දෙන්නටත්, අපේ සටන, සටන් වදින්නටත් අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අප සමඟයි.” යූදා රජු වූ හෙසකියාගේ වචන මගින් ජනයා දිරිගන්වන ලදහ.
2 ලේකම් 32 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 ලේකම් 32:1-8
21 Days
Tales of triumph and tragedy in the books of Samuel, Kings, and Chronicles. The history of Kings of Israel and Judah is a story of divine faithfulness despite human failure. These flawed rulers point us towards the one true faithful king. Part III covers the kings of Judah leading up to the exiles of Israel and Judah.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ