2 ලේකම් 30:18-20

2 ලේකම් 30:18-20 SCV

මන්ද ජනයාගෙන් වැඩිදෙනා, එප්‍රායිම්, මනස්සේ, ඉස්සාකර් හා සාබුලොන් වෙතින් ආ බොහෝ දෙනා තමන් ම පවිත්‍ර වී සිටියේ නැත. එහෙත් ඔවුහු, ලියා තිබූ පිළිවෙළට පටහැනි ව පාස්කුව අනුභව කළහ. හෙසකියා ඔවුන් උදෙසා යාච්ඤා කළේ ය. “යහපත් ස්වාමින්වහන්සේ ඔවුන්ට කමා වන සේක්වා. මන්ද පවිත්‍ර වීම පිළිබඳ ශුද්ධස්ථානයේ නීතියට අනුකූලව නො වූවත්, තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සෙවීමට, දෙවියන්වහන්සේ සෙවීමට ඔවුහු තම හදවත් යොමු කළ බැවිනි.” ස්වාමින්වහන්සේ හෙසකියාට සවන් දුන් සේක්, ජනයා සුව කළ සේක.