2 ලේකම් 22:7-9

2 ලේකම් 22:7-9 SCV

එහෙත් අහසියා, යෝරාම් බලන්නට යෑම නිසා එමඟින් ඔහුගේ වැටීයාම දෙවියන්වහන්සේ විසින් නියම කෙරිණි. අහසියා පැමිණි කල ඔහු යෙහෝරාම් කැටුව නිම්ෂීගේ පුත් යේහූ මුණගැසෙන පිණිස පිටත් ව ගියේ ය. ආහාබ්ගේ වංශය විනාශ කිරීමට ස්වාමින්වහන්සේ ආලේප කර තිබූ තැනැත්තා ඔහු ය. යේහූ, ආහාබ්ගේ වංශය පිට විනිශ්චය ඉටු කරමින් සිටියදී, යූදා අධිපතීන් ද අහසියාට මෙහෙ කළ අහසියාගේ සහෝදරයින්ගේ පුතුන් ද ඔහුට හමු විණි. ඔහු ඔවුන් මරා දැමී ය. ඉන්පසු ඔහු අහසියා සොයා ගියේ ය. ඔහු සමාරියේ සැඟවී සිටියදී ඔහුගේ මිනිස්සු ඔහු අල්ලා ගත්හ. ඔහු යේහූ වෙත ගෙනෙන ලදුව මරා දැමිණ. ඔවුහු කතා කොට, “මොහු තමන්ගේ මුළු හදින් ස්වාමින්වහන්සේ සෙවූ යෙහෝෂාෆාට්ගේ පුතෙකැ” යි පවසමින්, ඔහු භූමදාන කළහ. එබැවින් රාජ්‍යය ඉදිරියට ගෙන යන්නට කෙනකු අහසියාගේ වංශයේ සිටියේ නැත.

2 ලේකම් 22:7-9 සඳහා වීඩියෝව