2 ලේකම් 20:13-17

2 ලේකම් 20:13-17 SCV

මුළු යූදා ජනතාව තම භාර්යාවන් ද දරුවන් ද අත දරුවන් ද සමඟ ස්වාමින්වහන්සේ අබියස සිටගෙන සිටියහ. එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ එක් රැස් ව සිටි පිරිස අතර සිටගෙන සිටි ආසාෆ්ගෙන් පැවත එන්නෙක් ද ලෙවීයයෙක් ද වූ මත්තනියාගේ පුත්, යෙයීයෙල්ගේ පුත්, බෙනායාගේ පුත්, සෙකරියාගේ පුත් යහසීයෙල් පිට පැමිණි සේක. ඔහු කතා කොට, “සවන් දෙන්න යූදාහි සියල්ලෙනි, යෙරුසලම් වැසියෙනි, යෙහෝෂාෆාට් රජතුමනි, ස්වාමින්වහන්සේ ඔබට මෙසේ පවසන සේක, ‘මේ සුවිශාල හමුදාව නිසා භය වන්න එපා; කැලඹෙන්න එපා. මන්ද යුද්ධය ඔබගේ නො වෙයි. දෙවියන්වහන්සේගෙයි. හෙට ඔවුන්ට එරෙහිව බැස යන්න. ඔවුන් සීස් මංකඩින් නැග එනු ඇත. යෙරූවෙල් කාන්තාරයේ ඇති දොරුව කෙළවරදී ඔවුන් ඔබට මුණ ගැසෙනු ඇත. මෙම යුද්ධයේදී ඔබ සටන් කළ යුතු නැත. ස්ථාවර ව සිටින්න. ඔබේ ස්ථානයේ රඳා සිටින්න; ඔබ උදෙසා ස්වාමින්වහන්සේගේ ගැලවීම බලා සිටින්න. එම්බා යූදා හා යෙරුසලම, භය වන්න එපා; කැලඹෙන්න එපා. හෙට ඔවුන්ට එරෙහිව යන්න. ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ’ යි” පැවසී ය.

2 ලේකම් 20:13-17 සඳහා වීඩියෝව