2 ලේකම් 2
2
දේව මාලිගය තැනීමේ සූදානම
1 ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහයක් හා තමා උදෙසා රජ මැදුරක් ඉදි කරන්නට සාලමොන් අදහස් කළේ ය. 2බර අදින්නන් හැත්තෑදහසක් ද කඳුකරයේ ගල් වඩුවන් අසූදහසක් ද ඔවුන් අධීක්ෂණය කරන පරීක්ෂකවරුන් තුන්දහස් හයසියයක් ද සාලමොන් පත් කළේ ය.
3සාලමොන්, තීර්හි රජු වූ හූරාම් වෙත මේ පණිවුඩය යැවී ය:
“මගේ පියා වූ දාවිත්ට වාසය සඳහා මන්දිරයක් ඉදිකරන පිණිස, ඔබ ඔහු වෙත දේවදාර ලී එවූ පරිද්දෙන්, මා වෙත ද එවන්න. 4මෙන්න! දැන් මම, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහයක් ඉදිකරන්නටයි සූදානම; එය ඉශ්‍රායෙල්ට සදාතනික නියෝගයක් ලෙස ඇති උන්වහන්සේ අබියස සුවඳ දුම් ඔප්පු කරන්නටත්, නිති පතා පිදීමේ රොටි තබන්නටත්, සෑම උදයක සහ සවසක ද සබත් දවස්හි ද නව සඳ මංගල්‍යවල ද නියමිත අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ මංගල්‍යවල ද දවන යාග පූජා ඔප්පු කරන්නටත් යන වශයෙන් උන්වහන්සේට කැප කරන පිණිස ය.
5“එබැවින්, මා ඉදි කරන්නට යන මේ ගෘහය උදාර ය. මන්ද අපගේ දෙවියන්වහන්සේ අන් සියලු දෙවිවරුන්ට වඩා උදාර ය. 6එහෙත් ස්වර්ගය, ඉහළ ම ස්වර්ගය පවා උන්වහන්සේ දරන්නට අනවකාශ ව තිබියදී, උන්වහන්සේට ගෘහයක් තනන්නට හැකි සමතා කවුරු ද? උන්වහන්සේ අබියස පූජා දවන ස්ථානයක් මිස, උන්වහන්සේට ගෘහයක් ඉදි කරන්නට මා කවුරු ද?
7“එබැවින්, මගේ පියා වූ දාවිත් විසින් සපයා දෙන ලදුව, දැනට මා සමඟ යෙරුසලමේ හා යූදාහි සිටින මගේ නිපුණ ශිල්පීන් සමඟ වැඩ කරන පිණිස, රනින් හා රිදීයෙන්, ලෝකඩින් හා යකඩින් ද දම් පැහැ, රත් පැහැ හා නිල් පැහැ නූලෙන් ද වැඩට දක්ෂ, කැටයම් ශිල්පයට ද පුහුණුව ලද නිපුණ ශිල්පීය මිනිසකු මා වෙත එවන්න.
8“තවද දේවදාර, සයිප්‍රස් හා සඳුන්#2:8 සඳුන් එනම් අල්ගූම් දැව ද ලෙබනොනයේ සිට මා වෙත එවන්න. ඔබගේ සේවකයින් එහි දැව ඉරීමට හපනුන් වග මම දනිමි. මගේ සේවකයින් ද ඔබගේ සේවකයින් සමඟ වැඩ කරනුයේ, 9මා උදෙසා බහුල ව දැව සූදානම් කිරීමට ය. මන්ද මා ඉදිකරන ගෘහය අති විසල් මෙන් ම අසිරිමත් එකකි. 10ලී කපන, දැව ශිල්පීන් වන ඔබේ සේවකයින්ට තිරිඟු කෝර විසිදහසක්#2:10 මෙට්‍රික් ටොන් 3,200ක් පමණ. ද යව කෝර විසිදහසක් ද මිදි යුෂ බාත් විසිදහසක්#2:10 මෙට්‍රික් ටොන් 2,700ක් පමණ. ද ඔලීව තෙල් බාත් විසිදහසක්#2:10 ලීටර් 440,000ක් පමණ. ද මම දෙන්නෙමි.”
11එවිට තීර්හි රජු වූ හූරාම්, සාලමොන් වෙත පිළිතුරු ලිපියක් එවමින්,
“ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට ප්‍රේම කරන බැවින්, උන්වහන්සේ ඔවුන්ගේ රජ හැටියට ඔබ පත් කර ඇතැ” යි දැන්වී ය.
12හූරාම් තවදුරටත් කියනුයේ,
“ස්වාමින්වහන්සේට ගෘහයක් ද තමාට මන්දිරයක් ද ඉදි කරන්නට විචක්ෂණ බුද්ධිය හා අවබෝධයෙන් හෙබි ප්‍රඥාසම්පන්න පුතකු දාවිත් රජුට දුන් අහසත්, පොළොවත් සෑදූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා!
13“මම දැන්, දැනුම් තේරුම් ඇති දක්ෂ ශිල්පියකු වන හූරාම්-ආබි ඔබ වෙත එවන්නෙමි. 14ඔහු දාන් දියණියක වන කාන්තාවකගේ පුත්‍රයා ය. ඔහුගේ පියා තීර් වැසියෙකි. රනින් හා රිදීයෙන්, ලෝකඩින් හා යකඩින්, ගලින් හා ලීයෙන් කරන වැඩට ද දම්, නිල්, රත් පැහැ රෙදි පිළි හා හණ පිළි වැඩට ද පුහුණුව ලද මොහු, සියලු කැටයම් වැඩ හා මෝස්තර යන ඔහුට පවරන කාරිය ඔබගේ ශිල්පීන් සමඟ, මගේ ස්වාමියා වන ඔබගේ පියා වූ දාවිත්ගේ ශිල්පීන් සමඟ වැඩ කරනු ඇත.
15“එබැවින් දැන් මගේ ස්වාමියා පැවසූ තිරිඟු හා යව ද ඔලීව තෙල් හා මිදි යුෂ ද ඔහු තම සේවකයිනට එවනු ලැබේවා! 16ලෙබනොනයෙන් ඔබට අවශ්‍ය කවර දැව වර්ගයක් වුව කපා, පහුරු මගින් මුහුදින් ඔබ වෙත යොප්පාවට එවන්නෙමු. ඔබට ඒවා යෙරුසලමට ගෙන්වා ගත හැකි යැ” යි දැන්වී ය.
17තම පියා වූ දාවිත් ගත් සංගණනයට පසු සාලමොන්, ඉශ්‍රායෙල්හි සිටින විදෙස්සන්ගේ සංගණනයක් ගත්තේ ය; ඔවුන් එක්ලක්ෂ පනස්තුන්දහස් හයසියයක් සිටින වග එවිට දැනගන්නට ලැබිණි. 18ඔහු ඔවුන්ගෙන් හැත්තෑදහසක් බර අදින්නන් වන පිණිස ද අසූදහසක් කඳුකරයේ ගල් වඩුවන් වන පිණිස ද තුන්දහස් හයසියයක් ජනතාව ලවා වැඩ කරවන නිලධාරීන් වන පිණිස ද පත් කළේ ය.
දැනට තෝරාගෙන ඇත:
2 ලේකම් 2: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: