2 ලේකම් 17:7-19

2 ලේකම් 17:7-19 SCV

තම රාජ්‍ය පාලනයේ තුන් වන අවුරුද්දේදී ඔහු තම නිලධාරීන් වන බෙන්-හයිල්, ඔබදියා, සෙකරියා, නෙතනේල් හා මීකායා යූදා නගරවල උගන්වන පිණිස පිටත් කර යැවී ය. ඔහු ඔවුන් සමඟ ලෙවීවරුන් වන ෂෙමායා, නෙතනියා, සෙබදියා, අසාහෙල්, ෂෙමිරාමොත්, යෙහෝනාතාන්, අදොනීයා, ටෝබීයා, ටෝබ්-අදොනියා ද පූජකයින් වන එලිෂාමා හා යෙහෝරාම් ද යැවී ය. ඔවුහු තමන් වෙත වූ ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථා පොත යූදාහි ඉගැන්වූහ; ඔවුහු සියලු යූදා නගර කරා ගොස්, ජනතාව අතරේ ඉගැන්වූහ. ස්වාමින්වහන්සේගේ භීතිය යූදා අවට දේශවල සියලු රාජ්‍යයන් මත පතිත වූයෙන් ඔවුහු යෙහෝෂාෆාට්ට එරෙහිව යුද්ධ නො කළහ. ඇතැම් පිලිස්තිවරු කප්පම් වශයෙන් යෙහෝෂාෆාට් වෙත තෑගි සහ රිදී ගෙනාහ. අරාබිවරු බැටළුවන් හත්දහස් හත්සියයක් හා එළුවන් හත්දහස් හත්සියයක් වන රැළවල් ඔහු වෙත ගෙන ආහ. යෙහෝෂාෆාට් ස්ථිරසාර ලෙස බලවත් විය. ඔහු යූදා දේශය තුළ බළකොටු හා ගබඩා පුරවර ඉදි කළේ ය. ඔහුට යූදා නගරවල බඩු භාණ්ඩ බෙහෙවින් තිබිණි. වික්‍රමාන්විත මිනිසුන් වූ සෙබළු ඔහුට යෙරුසලමේ සිටියහ. ඔවුන්ගේ පියවංශවලට අනුව ඔවුන්ගේ ලියාපදිංචි ලැයිස්තුව මෙයයි: යූදාගෙන් දහසකගේ සෙන්පතීහු: සෙන්පති අද්නා සමඟ වික්‍රමාන්විත බලවත් මිනිස්සු තුන් ලක්ෂයක් වූහ. ඊළඟට සෙන්පති යෙහෝහානාන් සමඟ දෙලක්ෂ අසූදහසකි. ඊළඟට සික්රීගේ පුත් අමසියා ය. ඔහු ස්වාමින්වහන්සේගේ මෙහෙය සඳහා ස්ව-කැමැත්තෙන් ම ඉදිරිපත් වී සිටියේ ය. ඔහු සමඟ වික්‍රමාන්විත බලවත් මිනිසුන් දෙලක්ෂයක් වූහ. බෙන්යමින්ගෙන්: වික්‍රමාන්විත බලවත් මිනිසකු වූ එලියාදා සමඟ දුනුවලින් ද පලිහවලින් ද සන්නද්ධ වූ දෙලක්ෂයක් වූහ. ඊළඟට යෙහෝසාබාද් සමඟ යුද්ධයට සන්නද්ධ වූ එක්ලක්ෂ අසූදහසකි. රජු විසින් යූදා දේශය පුරා බළකොටු පුරවරවල රඳවන ලද්දවුන් හැර රජුගේ සේවයේ නිරත වූවෝ මොවුහු ය.

2 ලේකම් 17:7-19 සඳහා වීඩියෝව

2 ලේකම් 17:7-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය