1 තිමෝති 1:5-11
1 තිමෝති 1:5-11 SCV
ඒ ලෙස අණ කිරීමේ අරමුණ පිරිසිදු හදෙකින්, යහපත් හෘදය සාක්ෂියකින් හා අවංක ඇදහිල්ලෙන් පැන නගිනා ප්‍රේමයයි. ඇතමුන් මෙයින් පිට පැන නිෂ්ඵල කතාවට හැරී ගොස් ඇත්තේ, දහම් ගුරුන් වීමේ ආශාවෙනි; තමන් පවසන්නේ කුමක් ද, තමන් සහතිකයෙන් කියන්නේ කවරක් ද යන්න ගැන වැටහීමක් ඔවුන්ට නැත. කෙනකු නිත්‍යානුකූල ව භාවිතා කරන්නේ නම්, ව්‍යවස්ථාව හොඳ බැව් අපි දනිමු. අප දැනගත යුත්තේ, නීති පනවා ඇත්තේ ධර්මිෂ්ඨයින් සඳහා නො වන බව ය. ඒවා දාමරිකයින්, අකීකරු වන්නන්, අභක්තිකයින් හා පව්කරුවන් ද අශුද්ධයින් හා දුශ්ශීලයින්, පීතෘ හෝ මාතෘ ඝාතකයින් හා මිනී මරුවන් ද පරදාර සේවනයේ හා සමලිංගික සේවනයේ යෙදෙන්නන් ද වහල් වෙළඳාමට මිනිසුන් පැහැරගන්නන්, බොරුකාරයන්, බොරුවට දිවුරන්නන් හා සාර දහමට පටහැනි ව කවර දේ වුව කරන්නන් ද සඳහා ය. මෙම සාර දහම, භාග්‍යවත් දෙවියන්වහන්සේගේ තේජාන්විත ශුභාරංචියට අනුකූලව උන්වහන්සේ විසින් ම මට බාර දෙන ලද ඉගැන්වීම් ය.

