1 තෙසලෝනික 3:7-13

1 තෙසලෝනික 3:7-13 SCV

එබැවින් සහෝදරයිනි, සියලු ආපදා හා හිංසන මැදදීත් අපි, ඔබගේ ඇදහිල්ල නිසා ඔබගෙන් ධෛර්යය ලැබ සිටින්නෙමු. ස්වාමින්වහන්සේ තුළ ඔබ ස්ථිර ව පිහිටා සිටීම අපට සැබවින් ම ජීවනයයි. ඔබ නිසා අපගේ දෙවියන්වහන්සේ ඉදිරියේ අප ලද සකල ප්‍රීතිය නිමිත්තෙන් ඔබ ගැන කෙලෙස නම් අපි දෙවියන්වහන්සේට ස්තුති කරන්න ද? යළිත් අපට ඔබේ මුහුණ දකිනු හැකි වන පිණිසත්, ඇදහිල්ලේ ඔබගේ ඌනතා සපිරෙනු පිණිසත් අපි, දිවා රෑ දෙක්හි ඉමහත් උනන්දුවෙන් ඔබ ගැන යාච්ඤා කරන්නෙමු. අපගේ දෙවියන්වහන්සේ වන පියාණන්වහන්සේ හා අප ස්වාමින්වහන්සේ වන යේසුස්වහන්සේ, ඔබ වෙත ඒමට අපට මග සලසා දෙන සේක්වා! ඔබ වෙත ඇති අපගේ ප්‍රේමය යම් සේ ද, එලෙස ඔබගේ ප්‍රේමයත් ඔබ එකිනෙකා කෙරෙහි හා අන් සැම කෙරෙහි වැඩි වී පිරී ඉතිරී යන්නට ස්වාමින්වහන්සේ මග සලසන සේක්වා! එසේ අප ස්වාමින්වහන්සේ වන යේසුස්වහන්සේ, උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයින් සමඟ එන කල, අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ අබියස ඔබ ශුද්ධත්වය තුළ දෝෂ රහිත ව සිටින පිණිස, උන්වහන්සේ ඔබේ හදවත් ශක්තිමත් කරන සේක්වා!

1 තෙසලෝනික 3:7-13 සඳහා වීඩියෝව

1 තෙසලෝනික 3:7-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය