තවදුරටත් මෙය දරා සිටිය නො හැකි වූ කල, ඇතන්ස්හි අප තනි කරනු ලැබීමට කැමති ව, අපගේ සහෝදරයා හා ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පැතිරවීමේ දෙවියන්වහන්සේගේ හවුල් සේවකයා වූ තිමෝති ඔබ වෙත එවීමු. ඒ ඔබගේ ඇදහිල්ල තුළ ඔබ ධෛර්යවත් කර, ස්ථිර ව සිටුවන්නට ය. එසේ කළේ, ඔබ කිසිවකුත් මෙම දුක්-පීඩාවලින් චංචල නො වන පිණිස ය. ඒ දුක් පීඩා අපට නියම ව තිබෙන වග ඔබ දන්නහු ය. හිංසා පීඩාවනට අප ගොදුරු වන වග අප ඔබ සමඟ සිටියදී නිති ඔබට පැවසීමු. ඔබ දන්නා පරිදි දැන් සිදුව ඇත්තේ එය ම ය. මේ හේතුව නිසා තවදුරටත් මෙය දරා සිටිය නො හැකි වූ කල්හි, ඔබගේ ඇදහිල්ල පිළිබඳ තතු විමසා බැලීමට මම තිමෝති පිටත් කර එව්වෙමි. ඒ, පරීක්ෂාකාරයා යම් ලෙසකින් ඔබ පරීක්ෂාවක හෙළා, ඔබ උදෙසා අප දැරූ වෙහෙස අපතේ යාදෝයි මා තැති ගත් නිසා ය.
1 තෙසලෝනික 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 තෙසලෝනික 3:1-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ