1 සාමුවෙල් 9:3-5
1 සාමුවෙල් 9:3-5 SCV
මෙකල සාවුල්ගේ පියා වූ කීෂ්ගේ බූරු දෙනුන් නැති විණි. එබැවින් තම පුත් සාවුල් ඇමතූ කීෂ්, “ඔබගේ තරුණ සේවකයින්ගෙන් කෙනකු ඔබ සමඟ ගෙන, ගොසින් බූරුවන් සොයා බලන්නැ” යි කීවේ ය. ඔහු එප්‍රායිම් කඳුරට හරහා ද ෂාලිෂා අවට පෙදෙස හරහා ද සැරි සැරූ නමුදු, ඔවුන්ට උන් සම්භ වුණේ නැත. ඔවුහු ෂාලීම් පළාත ද පසු කර ගියහ. එහෙත් උන් එහි ද සිටියේ නැත. ඉන්පසු ඔවුහු බෙන්යමින් දේශය හරහා සැරි සැරූහ. එහෙත් ඔවුනට උන් සොයාගත නො හැකි විය. ඔවුන් සූෆ් පළාතට ළඟා වූ කල, තමා හා සිටි සේවකයා ඇමතූ සාවුල්, “එන්න, අපි ආපහු යමු; නැතහොත් මගේ පියා, බූරු දෙනුන් ගැන කල්පනාව අත්හැර අප ගැන කනස්සලු වනු ඇතැ” යි කීවේ ය.

