1 සාමුවෙල් 8:6-9

1 සාමුවෙල් 8:6-9 SCV

එහෙත්, “අප විනිශ්චය කරන්නට අපට රජකු දෙන්නැ” යි යන ඔවුන්ගේ කීමට, සාමුවෙල් නො සතුටු විය. එබැවින් ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ජනතාව ඔබට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. මන්ද, ඔවුන්, ඔබ ප්‍රතික්ෂේප කරනවා නො වේ. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ, මා ඔවුන්ගේ රජු ව සිටීමයි. ඊජිප්තුවෙන් පිටතට මා ඔවුන් ගෙන ආ දවසේ පටන් මේ අද දවස දක්වා, මා අත්හැර දමමින් ද අන් දෙවිවරුනට සේවය කරමින් ද ඔවුන් ක්‍රියා කළ පරිදි ඔවුහු ඔබටත් කරති. දැන්, ඔවුන්ගේ හඬට සවන් දෙන්න. එහෙත්, ඔවුන් අතරේ ආණ්ඩු කරන රජු තම අයිතිවාසිකම ලෙස කෙලෙස ක්‍රියා කරයි ද යන්න ගැන බැරෑරුම් ව අවවාද කරමින්, ඔවුනට පෙන්වා දෙන්නැ” යි පැවසූ සේක.