1 සාමුවෙල් 8:10-18

1 සාමුවෙල් 8:10-18 SCV

එබැවින් සාමුවෙල් තමාගෙන් රජකු ඉල්ලූ ජනයාට ස්වාමින්වහන්සේ පැවසූ හැම වදනක් ම පැවසී ය. ඔහු කතා කරමින්, “නුඹලා කෙරේ රජකම් කරන රජු තම අයිතිවාසිකම ලෙස කරනුයේ මෙලෙසයි; ඔහු ඔබේ පුතුන් ගෙන, ඔහුගේ රථවල සේවයට හා ඔහුගේ අසරුවන් වශයෙන් හා ඔහුගේ රථවලට පෙරටුව දුවන්නට පත් කර ගනු ඇත. ඔහු ඇතමකු දහසකට සෙන්පති ලෙසින් ද ඇතමකු පනසකට සෙන්පති ලෙසින් ද පත් කරනු ඇත. ඔහු තමාගේ ඉඩම් අස්වද්දන්නට හා අස්වනු නෙළන්නට ඇතමුන් පත් කරනු ඇත. සෙස්සන් ඔහුගේ යුද-අවි හා රථ උපකරණ තනන්නට ද යොදවනු ඇත. ඔහු ඔබගේ දූවරුන් සුවඳ විලවුන් සාදන්නියන් ද අහර පිසින්නියන් ද පාන් පුලුස්සන්නියන් ද යන වශයෙන් ගනු ඇත. ඔහු ඔබගේ හොඳ ම කෙත් වතු ද මිදි වතු ද ඔලීව උයන් ද ගෙන, තම අධිකාරීන්ට දෙනු ඇත. ඔහු ඔබගේ ධාන්‍යවලින් හා මිදි යුෂවලින් දසයෙන් කොටසක් ගෙන, ඒවා තම නිලධාරීන්ට හා අධිකාරීන්ට දෙනු ඇත. ඔහු ඔබගේ සේවක සේවිකාවන් ද ඔබගේ හොඳ ම ගවයින් ද බූරුවන් ද ස්වකීය ප්‍රයෝජනය සඳහා ගනු ඇත. ඔහු ඔබගේ එළු බැටළු රංචුවලින් දසයෙන් එකක් ගනු ඇත. නුඹලා ඔහුගේ දාසයින් බවට පත් වනු ඇත. එදවස පැමිණි කල, ඔබ ම තෝරාගත් ඔබේ රජු නිසා, ඔබ මොර ගසනු ඇත. එහෙත් ස්වාමින්වහන්සේ ඒ දවසේදී ඔබට උත්තර දෙන්නේ නැතැ” යි පැවසී ය.