1 සාමුවෙල් 7:5-11

1 සාමුවෙල් 7:5-11 SCV

එකල සාමුවෙල් කතා කොට, “සියලු ඉශ්‍රායෙල්වරුන් මිස්පා වෙත එක් රැස් කරන්න. ඔබ උදෙසා මම, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නෙමි” යි කීවේ ය. මිස්පාහි එක් රැස් වූ ඔවුහු වතුර ඇද, ඒවා ස්වාමින්වහන්සේ ඉදිරියේ වැගිරවූහ. ඒ දවසේ ඔවුහු නිරාහාර ශීලය රක්ෂා කළෝ, “ස්වාමින්වහන්සේට එරෙහිව අපි පව් කළෙමු” යි පාපොච්චාරණ කළෝ ය. සාමුවෙල් මිස්පාහි දී ඉශ්‍රායෙල්වරුන් විනිශ්චය කළේ ය. ඉශ්‍රායෙල්වරුන් මිස්පාහි එක් රැස් වූ වග පිලිස්තිවරුන්ට සැල වූ කල, පිලිස්තීය අධිපතීහු ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව නැගී ආහ. ඉශ්‍රායෙල් ජනයා ඒ වග ඇසූ කල, පිලිස්තිවරුනට භය වූහ. ඉශ්‍රායෙල් ජනයා සාමුවෙල්ට කතා කොට, “පිලිස්තිවරුන්ගේ අතින් උන්වහන්සේ අප ගලවා ගන්නා පිණිස, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට අප උදෙසා මොර ගැසීම නො නවත්වන්නැ” යි ඉල්ලූහ. එවිට සාමුවෙල් කිරි-බැටළු පැටවකු ගෙන, ස්වාමින්වහන්සේට සම්පූර්ණ දවන යාග පූජාවක් වශයෙන් ඔප්පු කළේ ය. ඉශ්‍රායෙල් උදෙසා ඔහු ස්වාමින්වහන්සේට කන්නලව් කළේ ය. ස්වාමින්වහන්සේ ඔහුට උත්තර දුන් සේක. සාමුවෙල් දවන යාග පූජාව ඔප්පු කරන අතරේ, පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට පහර දීමට ළං වූහ. එහෙත් ඒ දවසේ ස්වාමින්වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව මහ හඬකින් ගර්ජනා කොට, කොතරම් සංත්‍රාසයකට ඔවුන් ඇද දැමුවේ ද යත්, ඔවුහු ඉශ්‍රායෙල්වරුන් අබියසින් පලා ගියහ. එකල මිස්පා වෙතින් පිටතට වන් ඉශ්‍රායෙල්වරු පිලිස්තීන් ලුහුබඳිමින් පහළ බෙත්-කාර් වෙත යන තෙක් ම ඔවුන් ගසා හෙළූහ.

1 සාමුවෙල් 7:5-11 සඳහා වීඩියෝව

1 සාමුවෙල් 7:5-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය