සාමුවෙල් මුළු ඉශ්රායෙල් වංශයට කතා කොට, “නුඹලාගේ මුළු හදින් නුඹලා ස්වාමින්වහන්සේ වෙත හැරී එනවා නම්, විදේශීය දෙවිවරුන් හා අෂ්තොරෙත් නුඹලා අතරින් පහ කර දමනු. ස්වාමින්වහන්සේ වෙත හදවත යොමා, උන්වහන්සේට පමණක් සේවය කරනු. එවිට උන්වහන්සේ පිලිස්තිවරුන් අතින් නුඹලා ගලවා ගනු ඇතැ” යි කීවේ ය. එබැවින් ඉශ්රායෙල්වරු ඔවුන්ගේ බාල් දේවතාවුන් සහ අෂ්තොරෙත් දේවතාවන් ඉවත දමා, ස්වාමින්වහන්සේට පමණක් සේවය කරන්නට වන්හ. එකල සාමුවෙල් කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් මිස්පා වෙත එක් රැස් කරන්න. ඔබ උදෙසා මම, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නෙමි” යි කීවේ ය. මිස්පාහි එක් රැස් වූ ඔවුහු වතුර ඇද, ඒවා ස්වාමින්වහන්සේ ඉදිරියේ වැගිරවූහ. ඒ දවසේ ඔවුහු නිරාහාර ශීලය රක්ෂා කළෝ, “ස්වාමින්වහන්සේට එරෙහිව අපි පව් කළෙමු” යි පාපොච්චාරණ කළෝ ය. සාමුවෙල් මිස්පාහි දී ඉශ්රායෙල්වරුන් විනිශ්චය කළේ ය. ඉශ්රායෙල්වරුන් මිස්පාහි එක් රැස් වූ වග පිලිස්තිවරුන්ට සැල වූ කල, පිලිස්තීය අධිපතීහු ඉශ්රායෙල්වරුන්ට එරෙහිව නැගී ආහ. ඉශ්රායෙල් ජනයා ඒ වග ඇසූ කල, පිලිස්තිවරුනට භය වූහ. ඉශ්රායෙල් ජනයා සාමුවෙල්ට කතා කොට, “පිලිස්තිවරුන්ගේ අතින් උන්වහන්සේ අප ගලවා ගන්නා පිණිස, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට අප උදෙසා මොර ගැසීම නො නවත්වන්නැ” යි ඉල්ලූහ. එවිට සාමුවෙල් කිරි-බැටළු පැටවකු ගෙන, ස්වාමින්වහන්සේට සම්පූර්ණ දවන යාග පූජාවක් වශයෙන් ඔප්පු කළේ ය. ඉශ්රායෙල් උදෙසා ඔහු ස්වාමින්වහන්සේට කන්නලව් කළේ ය. ස්වාමින්වහන්සේ ඔහුට උත්තර දුන් සේක. සාමුවෙල් දවන යාග පූජාව ඔප්පු කරන අතරේ, පිලිස්තිවරු ඉශ්රායෙල්ට පහර දීමට ළං වූහ. එහෙත් ඒ දවසේ ස්වාමින්වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව මහ හඬකින් ගර්ජනා කොට, කොතරම් සංත්‍රාසයකට ඔවුන් ඇද දැමුවේ ද යත්, ඔවුහු ඉශ්රායෙල්වරුන් අබියසින් පලා ගියහ. එකල මිස්පා වෙතින් පිටතට වන් ඉශ්රායෙල්වරු පිලිස්තීන් ලුහුබඳිමින් පහළ බෙත්-කාර් වෙත යන තෙක් ම ඔවුන් ගසා හෙළූහ. ඉන්පසු සාමුවෙල් ගලක් ගෙන, මිස්පා හා ෂේන් අතර එය පිහිටුවා, “මෙතරම් දුරක් ස්වාමින්වහන්සේ අපට පිහිට වූ සේකැ” යි කියමින්, එබෙන්-ඒසෙර් යයි ඊට නම් තැබී ය. මෙසේ යටත් කරනු ලැබූ පිලිස්තිවරුන් යළි ඉශ්රායෙල් ප්‍රදේශ ආක්‍රමණ කළේ නැත. ස්වාමින්වහන්සේගේ හස්තය සාමුවෙල්ගේ ජීවිත කාලය පුරා ම පිලිස්තිවරුන්ට එරෙහිව පැවැත්තේ ය. ඉශ්රායෙල් වෙතින් පිලිස්තිවරුන් අල්ලාගෙන තිබූ එක්‍රෝන් සිට ගාත් දක්වා වූ නගර ඉශ්‍රායෙලයට යළි දෙනු ලැබිණ. එම නගර අයත් ප්‍රදේශ ඉශ්රායෙල්වරු පිලිස්ති ග්රහණයෙන් මුදා ගත්හ. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතරේ ද සාමය පැවතිණ.
1 සාමුවෙල් 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 7:3-14
4 Days
"Thus far the Lord has helped us." In this Devotional, we will understand what Consecration is, learn to live the Supernatural of God, declare Ebenezer and to not give up on our Promises.
5 Days
The astonishing, Job-like story of how an existence filled with loss, suffering, questioning, and anger became a life filled with shocking and incomprehensible peace and joy.
“Where were you, God? I can't see your hand in my story. Your heart might be good, just not to me.” In this devotional, you will learn that God offers a clear way out of our doubt—by getting our eyes off our surroundings and raising them to places that serve as symbols of God’s faithfulness. Because God’s brought you this far, He won’t stop now.
Are you ready to finally see God's hand at work in countless moments that lay behind you—and more than that, trust His heart and see His vision for the moments ahead? Then look up with Alexandra to the Ebenezer stones that God has not only built in your story, but wants to use in mighty, missional ways.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ