1 සාමුවෙල් 7:10-14
1 සාමුවෙල් 7:10-14 SCV
සාමුවෙල් දවන යාග පූජාව ඔප්පු කරන අතරේ, පිලිස්තිවරු ඉශ්රායෙල්ට පහර දීමට ළං වූහ. එහෙත් ඒ දවසේ ස්වාමින්වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව මහ හඬකින් ගර්ජනා කොට, කොතරම් සංත්රාසයකට ඔවුන් ඇද දැමුවේ ද යත්, ඔවුහු ඉශ්රායෙල්වරුන් අබියසින් පලා ගියහ. එකල මිස්පා වෙතින් පිටතට වන් ඉශ්රායෙල්වරු පිලිස්තීන් ලුහුබඳිමින් පහළ බෙත්-කාර් වෙත යන තෙක් ම ඔවුන් ගසා හෙළූහ. ඉන්පසු සාමුවෙල් ගලක් ගෙන, මිස්පා හා ෂේන් අතර එය පිහිටුවා, “මෙතරම් දුරක් ස්වාමින්වහන්සේ අපට පිහිට වූ සේකැ” යි කියමින්, එබෙන්-ඒසෙර් යයි ඊට නම් තැබී ය. මෙසේ යටත් කරනු ලැබූ පිලිස්තිවරුන් යළි ඉශ්රායෙල් ප්රදේශ ආක්රමණ කළේ නැත. ස්වාමින්වහන්සේගේ හස්තය සාමුවෙල්ගේ ජීවිත කාලය පුරා ම පිලිස්තිවරුන්ට එරෙහිව පැවැත්තේ ය. ඉශ්රායෙල් වෙතින් පිලිස්තිවරුන් අල්ලාගෙන තිබූ එක්රෝන් සිට ගාත් දක්වා වූ නගර ඉශ්රායෙලයට යළි දෙනු ලැබිණ. එම නගර අයත් ප්රදේශ ඉශ්රායෙල්වරු පිලිස්ති ග්රහණයෙන් මුදා ගත්හ. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතරේ ද සාමය පැවතිණ.

