1 සාමුවෙල් 7:10-12

1 සාමුවෙල් 7:10-12 SCV

සාමුවෙල් දවන යාග පූජාව ඔප්පු කරන අතරේ, පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට පහර දීමට ළං වූහ. එහෙත් ඒ දවසේ ස්වාමින්වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව මහ හඬකින් ගර්ජනා කොට, කොතරම් සංත්‍රාසයකට ඔවුන් ඇද දැමුවේ ද යත්, ඔවුහු ඉශ්‍රායෙල්වරුන් අබියසින් පලා ගියහ. එකල මිස්පා වෙතින් පිටතට වන් ඉශ්‍රායෙල්වරු පිලිස්තීන් ලුහුබඳිමින් පහළ බෙත්-කාර් වෙත යන තෙක් ම ඔවුන් ගසා හෙළූහ. ඉන්පසු සාමුවෙල් ගලක් ගෙන, මිස්පා හා ෂේන් අතර එය පිහිටුවා, “මෙතරම් දුරක් ස්වාමින්වහන්සේ අපට පිහිට වූ සේකැ” යි කියමින්, එබෙන්-ඒසෙර් යයි ඊට නම් තැබී ය.

1 සාමුවෙල් 7:10-12 සඳහා වීඩියෝව