1 සාමුවෙල් 6:19-21

1 සාමුවෙල් 6:19-21 SCV

එහෙත් උන්වහන්සේ බෙත්-ෂෙමෙෂ්හි ඇතැම් දෙනකු ගසා හෙළූ සේක. ස්වාමින්වහන්සේගේ කරඬුව ඇර බැලූ බැවින්, උන්වහන්සේ ඔවුන් හැත්තෑ දෙනකු මරණයට පත් කළ සේක. ස්වාමින්වහන්සේ ඉතා තද පහරක් දී තිබූ බැවින් ජනයා වැලපුණහ. බෙත්-ෂෙමෙෂ් මිනිස්සු කතා කොට, “ස්වාමින්වහන්සේ ඉදිරියේ, මේ ශුද්ධ දෙවියන්වහන්සේ ඉදිරියේ සිටින්න පුළුවන් කවුරුන්ට ද? කරඬුව මෙතැනින් ගෙන යා යුත්තේ කවුරුන් වෙතට දැ?” යි ඇසූහ. ඉන්පසු ඔවුහු කිරියත්-යෙයාරීම් වාසීන් වෙත පණිවුඩකරුවන් යවමින්, “පිලිස්තිවරුන් ස්වාමින්වහන්සේගේ කරඬුව ආපසු එවා ඇත. අවුත්, එය ඔබ වෙත රැගෙන යන්නැ” යි දැන්වූහ.

1 සාමුවෙල් 6:19-21 සඳහා වීඩියෝව

1 සාමුවෙල් 6:19-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය