1 සාමුවෙල් 4:5-10

1 සාමුවෙල් 4:5-10 SCV

ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුර තුළට පැමිණි විගස, සියලු ඉශ්‍රායෙල්වරු කොතරම් ප්‍රබල හඬකින් කෑ මොර දුන්නෝ ද යත්, පොළොව දෝංකාර දුන්නේ ය. ඒ කෑ මොර නාදය ඇසූ පිලිස්තිවරු, “මොකක් ද ඒ හෙබ්‍රෙව්වන්ගේ කඳවුරෙන් ඇසෙන මහා ඝෝෂාව?” යි ඇසූහ. ස්වාමින්වහන්සේගේ කරඬුව කඳවුරට පැමිණි වග දැනගත් පිලිස්තිවරු භය වූහ. “කඳවුරට දෙවි කෙනෙක් පැමිණ සිටී” යි ඔවුහු පවසන්නට වූහ. “අප අමාරුවේ වැටිලා! මෙවැනි දෙයක් මීට කලින් සිදු වී නෑ. අපට දුක් පැමිණේවි! මේ බලවත් දෙවිවරුන් අතින් අප ගලවා ගන්නේ කවුරුන් ද? පාළුකරයේදී ඊජිප්තුවට සියලු ආකාර විපත්තිවලින් පහර දුන් දෙවිවරුයි මේ. ධෛර්යවත් වනු! පුරුෂ ධෛර්යයෙන් සිටිනු! එම්බා පිලිස්තිවරුනි, නැතහොත්, ඔවුන් නුඹලාට යටත් ව සිටි සේ, හෙබ්‍රෙව්වන්ට යටත් වන්නට නුඹලාට සිදු වනු ඇත. පුරුෂ ධෛර්යයෙන් සටන් වදිනු” යි කීහ. එබැවින් පිලිස්තිවරු සටන් කළහ. ඉශ්‍රායෙල්වරු පරාජය ලැබ, හැම කෙනෙක් ම තම තමාගේ කූඩාරමට පලා ගියහ. සිදු වූ ඝාතනය අති මහත් ය. පාබළ සෙබළුන් තිස්දහසක් ඉශ්‍රායෙල්වරුනට අහිමි විය.

1 සාමුවෙල් 4:5-10 සඳහා වීඩියෝව

1 සාමුවෙල් 4:5-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය