1 සාමුවෙල් 4:1-3

1 සාමුවෙල් 4:1-3 SCV

මෙසේ සාමුවෙල්ගේ වචනය සියලු ඉශ්‍රායෙල්වරුන් වෙත පැමිණියේ ය. මෙකල ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ට එරෙහිව යුද්ධ කරන්නට පිටත් වූහ. ඔවුහු එබෙන්-ඒසෙර්හි ද පිලිස්තිවරු අෆේක්හි ද කඳවුරු බැන්දහ. ඉශ්‍රායෙල්වරුන්ට මුහුණ දීමට පිලිස්තිවරු තම හමුදා පෙළ ගැස්වූහ. සටන පැතිර යද්දී, පිලිස්තිවරුන් අතින් ඉශ්‍රායෙල්වරු පරාජය ලදහ. ඔවුන්ගෙන් හාරදහසක් පමණ දෙනා යුද බිමේදී මරා දමන ලදහ. සෙබළු කඳවුරට ආපසු ආ කල, ඉශ්‍රායෙල් වැඩිහිටියෝ, “ස්වාමින්වහන්සේ අද පිලිස්තිවරුන් ඉදිරියේ අප පරාජය කළේ ඇයි? අප අතරට එන පිණිසත්, අපේ සතුරන් අතින් අප මුදා ගන්න පිණිසත් ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ෂීලෝහි සිට ගෙන්වා ගනිමු” යි කීහ.