1 සාමුවෙල් 3:7-10

1 සාමුවෙල් 3:7-10 SCV

සාමුවෙල් ඒ වන විටත් ස්වාමින්වහන්සේ හැඳින සිටියේ නැත. ස්වාමින්වහන්සේගේ වචනය ඒ වන තුරුත් ඔහුට එළිදරවු කර නො තිබිණ. ස්වාමින්වහන්සේ තුන් වන වරට සාමුවෙල්ට යළි හඬ ගැසූ සේක. සාමුවෙල් නැගිට, ඒලී වෙත ගොස්, “මෙන්න මම, ඔබ මට හඬ ගැසුවා” යි කීවේ ය. එවිට, ස්වාමින්වහන්සේ ළමයාට හඬ ගසන වග ඒලී වටහා ගත්තේ ය. එබැවින් සාමුවෙල් ඇමතූ ඒලී, “ගොසින් නිදා ගන්න. උන්වහන්සේ ඔබට කතා කළොත්, ‘කතා කරනු මැන, ස්වාමින්වහන්ස, ඔබගේ සේවකයා අසා සිටීය’ කියා කියන්නැ” යි කීවේ ය. එබැවින් සාමුවෙල් ගොස්, තමාගේ ස්ථානයේ නිදා ගත්තේ ය. එවිට ස්වාමින්වහන්සේ අවුත්, එහි සිට, පෙර වතාවලදී මෙන්, “සාමුවෙල්! සාමුවෙල්!” යැයි හඬ ගැසූ සේක. එවිට සාමුවෙල්, “කතා කළ මැනවි. ඔබේ සේවකයා අසා සිටින්නේ යැ” යි පැවසී ය.

1 සාමුවෙල් 3:7-10 සඳහා වීඩියෝව